Chapter 16

38 7 1
                                    

Jk pov.

  ක්..කු..කුකී ඔප්..පා... මට ඈතින් පේන මින් ජු තොල් හෙළ වෙනවා පේනවත් එක්ක ම මං වේගෙ වැඩි කරලා එතනට ලං වෙනවත් එක්ක ම මිනිහෙක් මින් ජු ට වෙඩි තිබ්බේ මගෙ හදවත නතර වුණා කියල දැනෙද්දි.. ඒ එක්ක මගෙ ගන් එකෙන් ඒකගෙ ඔලුව මැද්දට ම ශූට් කරන ගමන් බිමට වැටුණ බයික් එක දාලා මං ඒ පැත්තට දුවගෙන ගියත් ඉස්සරහට ආව උන් ටික නිසා මට මින් ජු ගාවට යන්න බැරි වුණා..

  බෑඩ් බනී.. රෙඩ් රෝස් ව බේර ගන්න ද ආවේ.. 😈

ඩැනියෙල්... 😡

යෙහ්.. ඩැනියෙල්.. මතක නේ මං කිව්වා රෙඩ් රෝස් ව මරන්නෙ මගෙ අත් දෙකින් කියලා.. බලා ගනින්.. කියන ගමන් ඩැනියෙල් බිම ඉදපු මගෙ මින් ජු ගෙ අතින් ඇදලා අර ගත්තෙ මින් ජු මල කඳක් වගෙ වැනෙද්දි..

අතෑරපන්.. $%&*

හේ හේ.. බලපන්කෝ.. කෝ උඹේ බොස්.. ඌ නැද්ද ඒකගෙ බ** ගෙ උදව්වට..

  මොකද්ද $* කිව්වේ.. මගෙන් මැරුම් නොකා අතෑරපන්.. මං මගෙ ළග ඉදපු එකාගෙ බෙල්ල කඩන ගමන් කිව්වෙ මින් ජු ගෙ බාගෙට පිය වෙන වේදනාව පිරුණ ඇස් දිහා බලන්..

මින් ජු ගෙ සිහියෙන් ඉදපු මගෙ ඔලුවට මොකක් හරි වැදුනා කියල තේරුණත් ඒ වේදනාවට වඩා මට දැනුණේ මින් ජු ගෙ ඇස් වල වේදනාව.. මං ළඟ ඉදපු උන් ටික මරලා ඩැනියෙල් ළගට යන්න හැදුවත් ඩැනියෙල් මින් ජු ගෙ ඔලුවට ගන් එක තිබ්බා..

  අතෑරපන්.. මං කියද්දි ඩැනියෙල් හිනාවක් දාගෙන  මින් ජු ගෙ මූණ උගෙ ජරා අතින් අල්ලද්දි ඌ මරන්න කියලා හිතන් අඩිය තිබ්බත් එක පාරට ම ආව වෙඩිල්ල නිසා ඒකගෙ අත හිල් වුණා..

  ආහ්හ්හ්හ්.. ඩැනියෙල් මින් ජු ව පැත්තකට කරන ගමන් කිව්වෙ හැමෝම වටපිට බලද්දි මං ඉක්මනට මින් ජු ළගට ගියේ දැන් මෙතන ආවේ ඒරා කියලා මං දන්න නිසා.. මං ඉක්මන් කරලා මින් ජු ළගට ගිහින් මගෙ අත් දෙකෙන් ම මින් ජු ව උස්සලා මගෙ අත් දෙකට ගත්තා..

  ම්..මින් ජු.. මි..මියානේ මං පරක්කු වුණා..

  ඔ..ඔප්පා...ර්..රිදෙනවා.. මින් ජු කදුළු පිරුණ ඇස් වලින් බලන් කියද්දි ගැන්ග් එකෙ කට්ටිය ම ඇවිත් මාව වට කර ගත්තා..

Shhh... ( Complete )Where stories live. Discover now