Chapter 19

30 6 0
                                    

...........

    ඔයා ලේ පෙරාගෙන ඉන්නවා දැක්ක වෙලේ මාව මරනවා කියද්දි මං ඒත් ඔයාට බෙහෙත් කරේ ඔයා එහෙම ඉන්නවා බලන් මම ආස නැති නිසා.. ඔයා ගැන මං හරියටම දැන ගත්තේ එදා.. තනියම ආදරේ කරලා.. ඔයත් මට ආදරේ කරන්න පටන් ගන්නකොටම මාව දාලා ගියෙ ඇයි.. ඒ තරම් නපුරු වුණෙ ඇයි ඒරා..

මං වොශ් රූම් එකෙ ඉදන් එළියට එනවත් එක්ක ම සිහි නැති ව ඉදපු ඒරා වේගෙන් ගැහෙන්න පටන් ගත්ත නිසා මං ඉක්මනට ගියේ ඒරා ළගට.. එක දිගටම ඒරාව ගැහෙන්න පටන් ගනිද්දි මං ඉන්ජෙක්ෂන් එක දුන්නා.. ටික වෙලාවක් යද්දි ඒරා ආයෙ ම සාමාන්‍ය අතට හැරුණත් අවුරුදු දෙකක් ගිහින්වත් ඒරා එක පාරක්වත් ඇගිල්ලක්වත් හෙල්ලුවෙ නෑ..

  එදා.. එදා රූම් එකෙ තිබුණ සද්දෙ අඩු වෙලා ගියෙ ජින් ජන්ග්කුක් දෙන්න ම එළියට ගියාට පස්සෙ.. මට කර ගන්න දෙයක් නැතුව අසරණ වෙද්දි මං එක ම එක පාරක් ඒරා ළගට ගිහින්..

" චේබල්.. ඒරා.. මාව දාලා යන්න.. එපා.. චේබල්.. අප්පා ඔම්මා එයාලා වෙනුවෙන් නැගිටින්න.. මං වෙනුවෙන් නැත්තත්.. චේබල්.." මං ඒරාගෙ අතින් අල්ලගෙන කියද්දි එක පාරට ම මට දැනුණෙ මගෙ අත තද වෙනවා වගෙ.. කදුළු පිරිලා තිබුණ ඇස් දෙකෙන් මං ඒරා දිහා බලද්දි දැක්කේ ඒරා ලා වට හුස්ම ගන්නවා.. මං ඉක්මනට ඒරාට ඔක්සිජන් මාක්ස් එක දාලා ඔපරේෂන් එක ආයෙමත් කරන්න පටන් ගත්තා..
   
මගෙ ජිවිතේ පලවෙනි පාරට මං කරපු ඔපරේෂන් එක.. කිසිම කෙනෙක්ගෙ උදව්වක් නැතුව.. ඒරාගෙ ලේ වලින් පෙගුණ ඇදුම් අයින් කරලා මං ඒරාගෙ ඇගෙ තිබුණ බුලට් දහයකට වඩා අයින් කරලා බෙහෙත් දානකොට මගෙ ඇග ම පණ නැති වෙලා ගියේ ඒරා ශක්තිමත් නිසා මං එයාව කොහොම හරි බේර ගන්න ඔනි නිසා.. මං කියපු දේ අහලා නැගිටපු නිසා...

  මං ඔපරේෂන් එක කරත් ඒරාට සිහිය ආවේ නෑ.. ජින් ආයෙම එද්දි ඒරාගෙ ඔපරේෂන් වැඩ ටික ඉවර වුණත් ඒරා කෝමා එකකට ආවා... ජින් එක්ක මං ඒරාව හැමෝගෙන්ම හංගලා තියා ගන්න හිතුවේ ඒ නිසයි.. අබොජිගෙ වගෙම ඔමොනිගෙත්ත් ඒරා නිසා ජිවිතේ කඩන් වැටෙද්දි මට එයාලට ඇත්ත කියන්න බැරි වුණා.. ආබුජි එක්ක තරහා නිසා ඒරාව මරන්න ආව මිනිස්සු ආයෙම එයාලගෙ පවුලට කරදර කරන එක නවත්තන්න මං ජින් එක්ක ඒරාව හැංගුවා..

Shhh... ( Complete )Where stories live. Discover now