55 🌹

1K 120 160
                                    


එදා සිද්ධියෙන් පස්සේ දවස් දෙකක් ගත වෙලා තිබුණා. මේ දවස් දෙකටම ටෙරාන් අභිත් එක්ක එකම වචනයක් වත් කතා නොකෙරුවා වගේම වෙනදට දෙන්නා තුරුල් වෙලා නිදියන ඇදේ මැද කවදාවත් නොතිබුණු ලොකු හිඩසක් හැදිලා තිබුණා.

එදා රෑ ටෙරාන් කොට්ටයක් අරගෙන සාලේ සෝෆා එකට ගිහින් නිදියගත්තා. අභිත් මොන තරම් නිදහසට හේතු කිය කිය ටෙරාන් පස්සෙන් ආවත් තව දුරටත් ටෙරාන්ට ඒ කිසිම දේකට ඇහුම්කන් දෙන්න වුවමනාවක් නොතිබුණා. නිදන් ඉන්න ටෙරාන්ව අභිත් ගෙනත් ඇදෙන් තිබ්බත් ටෙරාන් නින්දෙන් ඇහැරිලා ආයෙ ඇදෙන් බැහැල යන්න ගියා. එයාට ලන් නොවුණට ඇදෙන් ඉන්න කියලා අභිත් නොවදිනා වැදුන් වැදලා කොහොම හරි ටෙරාන්ව එදා රෑ ඇදෙන් තියාගත්තා. දෙන්නම නිදි නැතුව ඇද දෙපැත්තට වෙලා ගත කරපු ඒ රැය ඕනවටත් වඩා දිගයි කියලා දෙන්නටම දැණුනා.

දවස් දෙකේම වැඩිපුර පැය ගාණක් නිදාගන්න එකම කරපු ටෙරාන් ඇහැරිලා ඉන්න හැම වෙලාවෙම වගෙත් lap එකේ මොකක් හරි වැඩක් එක්ක busy වෙලා හිටියා. හිතේ කොයිතරම් ලොකු කේන්තියක් , තරහක් තිබ්බත් ටෙරාන් තුන් වේලටම අභිත්ටත් එක්කම ඉව්වා. උයන වෙලාවට අභිත් කුස්සිය පුරා කැරකි කැරකි ඇගේ ඇතිල්ලෙන්න ආවහම වචනෙන් බැනලා , කෑ ගහලා , රණ්ඩු කරනවා වෙනුවට ටෙරාන් එයාගේ අකමැත්ත පෙන්නන්න කුස්සියෙ තියන එයාගේ අතට අහුවෙන දෙයක් අරන් පොළවේ ගැහුවා. දෙපාරක් විතර මෙහෙම වෙද්දි ටෙරාන්ව තවත් කේන්ති ගස්සන්න නරකයි කියලා හිතුව අභිත් ටෙරාන් උයනකන් කුස්සියෙ මුල්ලක පුටුවක් තියන් ඉදගෙන ටෙරාන් දිහා බලන් ඉන්න එක විතරක් කරා.

ටෙරාන්ගේ මේ නිහඩ බව අභිත්ව ඕනවටවත් වඩා රිද්දුවා. එයා එක්ක රණ්ඩු නොකර , එකට එක නොකියා , අඩුම අඩන්නෙවත් නැතුව ටෙරාන් හැසිරෙන මේ විදිය අභිත්ගේ ඔළුවත් පිස්සු වැට්ටුවා. මොකද ටෙරාන් කේන්ති ගිය වෙලාවට හැසිරෙන විදිය හොදටම දන්න අභිත් ටෙරාන් මේ හිත අස්සේ පැසව පැසව තියන් ඉන්නේ එසේ මෙසේ කේන්තියක් නෙමේ කියන එකත් හොදටම දැනගෙන හිටියා.

මේ මුළු දවස් දෙකම ටෙරාන් එයාගේ phone එක off කරලම දාලා තිබුණා. ටෙරාන් phone එක off කරල තියන්න ලොකුම හේතුව වුණේ නම් Unknown number එකෙන් එන calls. මෙච්චර ගිනි ගොඩක ඉන්න වෙලාවක අහක යන එවුන් නිසා තවත් ඇවිලිලා යන්නවත් , ඔලුව ඇතුළට තවත් ප්‍රශ්න දාගන්නවත් තරම් හයියක් ටෙරාන්ට නැතිවුණා. කොටින්ම තව ප්‍රශ්න ආවොත් තමන්ට දරාගන්න බැරුව මැරිලා යයි වගේ හැගීමක් ටෙරාන්ට දැණුනා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now