42 🌹

1.3K 158 243
                                    

" අභූ මම කලින්ම කිව්වනේ.. මට එක වගේ අදින්න බෑ.. "

" ම්ම්ම්... "

" බොරුවට බුම්මන් ඉන්න එපා. ඔයා මේව මහන්න දෙන්නත් කලින් ඉදන්මයි මම මේ වැඩේට විරුද්ධ වුණේ.. "

" ඒත් මන් ආසයි නේ... එදා නිත්‍යාගේ wedding එකේ අපි කොච්චර ලස්සනට හිටියද ? මේ suit එකට ඊටත් වඩා ලස්සනට ඉදී. "

" අර්‍ර්ර්..... අභූ මේක wedding එකක් නෙමේ. මේක ඔයාගේ අලුත් Business එකේ opening එක. බොසුයි secretary Couple Suit ඇදල ගියාම... අහ්හ්... ඇයි තේරුන් ගන්නැත්තේ... "

" මගේ Business එක නෙමේ ඒක අපේ... අනික Secretary ලබ්බක් නෙමේ තමුසෙ මගේ Husband !"

" බෑ කිව්වම බැ අභූ මට වදදෙන්න එපා එහෙම උනොත් මම හෙට ගෙදර ඉන්නවා. "

හෙට තමයි ටෙරාන්ගෙයි අභිත්ගෙයි Business එකේ පළවෙනි Restaurant එක open කරන්නේ. වැඩි profit එකක් ගන්න පුළුවන් කියල හිතුන නුගේගොඩ branch එක තමයි එයාලා මුලින්ම open කරන restaurant එක විදියට select කරගත්තේ. පහුගිය මාසෙක වගේ කාලේ අභිත් ගොඩාක් busy වුණා වගේම ටෙරාන් එයාගේ side එකෙන් අභිත්ට දෙන්න පුළුවන් උපරිම support එකත් අභිත්ට දුන්නා .

අභිත්ට opening එකට එක වගේ ඇදන් යන්න ඕන වුණත් ඒකෙන් එයාට අනවශ්‍ය අවධානෙකුත් එන මිනිස්සු ඉස්සරහ අපහසුතාවයකුත් ඇති වෙයි කියලා හිතුනු ටෙරාන් මුල ඉදන්ම මේ අදහසට විරුද්ධ වුණා. ඒත් නාහෙට නාහන අභිත් කලින් measurement වලටම දෙන්නට suit දෙකක් මහගෙන ආවා.

අභිත් හරිම ආදරෙන් ගෙනාපු ඇදුම් දෙක ඇද උඩ දිග ඇරලා ටෙරාන්ට පෙන්නුවත් මේක දැක්ක ගමන් ටෙරාන් අභිත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. ටෙරාන් ගස්සගෙන කාමරෙන් එළියට යනකොට අභිත් ඇදුම් ඔක්කොම උණ්ඩි කරලා පුටුවක් උඩට විසික් කරලා දැම්මා.

ටෙරාන් රෑට මොනා හරි උයන ගමන් ඉන්නවා දැක්කත් ටෙරාන්ව ගණන් නොගෙන bathroom එකට ගිය අභිත් නාගෙන ඇවිල්ලත් ටෙරාන්ව නොදැක්ක ගාණට කාමරේට ගිහින් ඇදට වැටුණා.

වෙනදට අභිත් එයා උයන අතරේ කුස්සිය පුරා ඇවිද ඇවිද කරන කෝලම් නැතුව ටෙරානුත් හිටියේ ලාවට වගේ හිත රිදීගෙන එන ගමන්. ටෙරාන් කාමරේට එනවා ඇහුනම අභිත් ඇදේ අනිත් පැත්තට හැරිලා phone එකට මුලු අවධානෙම දීලා ටෙරාන් එතන නැති ගාණට හැසිරුණා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now