13 🌹

1.4K 176 80
                                    


සාමාන්‍ය විදියට ගත කරපු දවස් 4 කට පස්සේ අවුරුද්දේ අන්තිම දවස , දෙසැම්බර් 31 වෙනිදා උදා වුණා. Bike එක තියන නිසා ටෙරාන් උදේ 7.45 ට විතර ගෙදරින් පිටත්වෙන්න පුරුදු වුණා.  ඒ වෙලාවට ගෙදරින් ගියහම Traffic තිබ්බත් උදේ 8.30 ට කළින් office එකට යා ගන්න ටෙරාන්ට පුළුවන් වුණා.

පුරුදු විදියටම උදේ ගෙදරින් එළියට බැස්ස ටෙරාන් නාවල cemetery එක  ඉස්සර තියන වංගුව පහුකරනවත් එක්කම දකුණු පැත්තෙන් ලොකු කන්ටේනර් එකක් ඉස්සටහට ආවා. කන්ටේනර් එකට පිටිපස්සෙන් ආව ත්‍රීවීල් එකක් වංගුව ගැන නොහිතම දකුණු පැත්තෙන්  ඉස්සර කරන්න යද්දි මූණ ඉස්සරහටම එන ත්‍රීවීල් එක දැක්ක ගමන් ටෙරාන්ට බයික් එක පාලනේ කරගන්න බැරි වුණා. ටෙරාන් පාර අයිනට කැපුවත් වේගෙ නිසා පාලනේ කරගන්න බැරිවුණු bike එක පෙරලිලා ටෙරාන් කාපට් පාරෙම මීටර් 10ක් විතර බිම දිගේ ඇදිලා ගියා.

පාර අයිනෙම තිබ්බ පොඩි තේකඩේක හිටිය මැදි වයසෙ ගෑනු කෙනෙක් ටෙරාන් වැටෙනව දැකලා එයාගේ පුතාටත් කෑ ගහගෙනම පාරට දුවගෙන ආවා.

" කොල්ලෝ කොල්ලෝ ඉක්මණට එන්නකෝ... "

ඉක්මණට ටෙරාන් ගාවට දුවගෙන ගිය ගෑනු කෙනා මුනින් අතට වැටිලා හිටිය ටෙරාන්ව අනිත් අතට පෙරලද්දි ටෙරාන් හීන් කෙදිරියක් පිට කරා.

" අම්මටසිරි. මොකද අම්මේ උනේ... ?"

" මොකද උනේ කියලා පස්සේ කියන්නම් මේ කොල්ලව උස්සල ඉදපන්කෝ මුලින්. "

ඒත් එක්කම පාරේ වාහන එක දිගට හෝන් කරන්න ගත්ත නිසා පාර අයිනෙ  වැටිල ඉන්න ටෙරාන් ගාවින් Bike එක ගාවට ආව ඒ කොල්ලා පාරෙ මැද්දේ  තිබ්බ bike එක කඩේ ඉස්සරහට කරල නැවැත්තුව. ඒ ගමන්ම ප්ලාස්ටික් පුටුවක් ගෙනල්ලා කඩේ ඉස්සරහින් තිබ්බ කොල්ලා ආයෙ ටෙරාන් ගාවට දුවගෙන ආවා.

" අනෙ මහත්තයෝ... සමාවෙන්න මහත්තයෝ... අපේ නෝනට අමාරුයි අපි මේ ඉස්පිරිතාලෙට යන ගමන් . අනේ සමාවෙන්න මහත්තයෝ.... "

මේ අතරේ ත්‍රීවීල් එක පැදන් ආව අවුරුදු 50 ක 60 ක විතර පිරිමි කෙනා ඇවිත් ටෙරාන් ඉස්සරහ පිං සෙන්ඩු වෙන්න පටන් ගත්තා.

" හරි හරි මාමේ මට අව්ලක් නෑ . නෝනට අමාරුයි නම් ඔයාල යන්නකෝ.... "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now