12 🌹

1.6K 174 133
                                    


නත්තල් දවසම ටෙරාන් පහුගිය සතියෙ miss වුණු වැඩ එක්ක busy වෙද්දි අභිත්ට අම්මයි අප්පච්චී එක්ක  අප්පච්චිගෙ යාලුවන්ගේ පාටි තුන හතරකටම යන්න සිද්ද වුණා.ටෙරාන්ට නොවදිනා වැදුන් වැදලා bike එකේ යතුර ඉල්ලගත්ත මල්ලි පැය ගාණක් වත්තපුරායි පාර පුරායි bike එක පැද්දා. ඒ වගේම සිතූ අක්කටයි නෙතූ අක්කටයි කතා කරලා bike එක පෙන්නනත් ටෙරාන් අමතක කරේ නෑ. අවුරුදු 12ක් තිස්සේ මංචනායක සර් එක්ක වැඩ කරන සිතූ අක්කටත් වැඩට ඇවිත් මාස හයක් යන්නත් කලින් සර් ටෙරාන්ට අලුත්ම bike එකක් දුන්න කියන එක ටිකක් විශ්වාස කරගන්න අමාරු කාරණයක් වුණා.

කලබලකාරී විදියට ගත වුණු නත්තල් දවසට  පහුවෙනිදා පෝය දවස උන නිසා ටෙරාන් උදේ 10 ත් පහුවෙනකන් සැපට නිදාගත්තා.

bitch, I said what I said
I'd rather be famous instead
I let all that get to my head
I don't care, I paint the town red
Bitch, I said what I said
I'd rather be famous instead
I let all that get to my head
I don't care, I paint the town red

"අයියෝ මොකාද වදේ මේ උදේ පන්දර?"

ඇද උඩ ring වෙන phone එක answer කරන් නැතුව ටෙරාන් කොට්ටෙන් කන වහගනිද්දි කරච්චලේ ඉවසන්න බැරිම තැන කාමරේට ආව නංගි ටෙරාන්ව එහෙටයි මෙහෙටයි පෙරලලා ටෙරාන්ගේ ඇගට යට වෙලා තිබ්බ phone එක අතට ගත්තා.

"තමුසෙට නෙමේ අපිටනේ වදේ... මේ අභිත් සර්..."

" මොන වදයක්ද නිවාඩු දවසෙත්."

අභිත්ටත් බැන බැන phone එක අතට ගත්ත ටෙරාන් නින්දෙන්ම phone එක කනේ තියාගනිද්දි ටෙරාන්ට බැන බැනම නංගි කාමරෙන් එළියට ගියා.

"හෙලෝ Good Morning සර් . "

"Good Morning  ටෙරාන් ."

"කියන්න සර් ."

" ටෙරාන් අද busyද ?"

" අද ඔව් නෑ මේහ් අහ් මම ඊයේ report එක හදල ඉවර කරා සර්. ඉන්න මන් දැන් ඒක සර්ට mail කරන්නම්."

" ඒ ලබ්බක් නෙමෙයි ඕයි ඇහුවේ. තමුසෙ අද ගෙදරද ?"

" ඔව්. ඇයි?"

" පන්සල් යමුද ?"

"ඈ..."

මෙච්චර වෙලා පස්සත් උඩ දාන් නිදාගෙන හිටිය ටෙරාන් දඩිබිඩි ගාල ඇදෙන් ඉදගත්තා.

" අම්මටයි අප්පච්චිටයි හදිස්සියෙම singapore යන්න වුණා. මන් ගෙදර තනියම බන්. අනික අද පෝයත් එක්ක නේ... "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now