15 🌹

1.7K 193 217
                                    

අලුත් දින තුන්සිය හැට හයක් එක්ක අලුත් අවුරුද්දක් උදා වුණත් ටෙරාන් නම් හිටියේ හතර ගාතෙන් ඇදේ වැටිලා. ඉස්සර වගේ නෙමෙයි දැන් ජනවාරි පලවෙනිදා කියල ලංකාවේ කිසිම මනුස්සයෙක් ලොකුවට ඒ දිනේ සමරන්නෙ නෑ . රටේ ප්‍රශ්න , ආර්ථික ප්‍රශ්න එක්ක දැන් ලංකාවේ මිනිස්සුන්ටත් ජනවාරි පලවෙනිදත් නිකම්ම නිකන් සාමාන්‍ය දවසක් වෙලා. ඉතිං ටෙරාන්ගේ අම්මා උදේම හදපු කිරිබත් කාලා නංගි campus යද්දි මල්ලිත් සුපුරුදු විදියටම class ගියා. කිරිබත් කන්න බෑ කියලා අම්මත් එක්ක උදේම යුද්ධයක් ඇල්ලුව ටෙරාන් අම්මා එක්කත් තරහ වෙලා ඇදට වැටිලා හිටියා.

ඒ අතරේ රෑ 12 ට අභිත් එව්ව message එක 62572882 වතාවටත් ටෙරාන් ආයෙම කියෙව්වා.

" Happy New Year Teran ! May this year bring you as much happiness and joy as the thought of you brings to me ❤️ Hoping each day of this year brings you closer to your dreams, and maybe a little closer to me 😚 "

හෙන මනමාලක් හිනාවක් මූණට ආව ටෙරාන් ඇදේ පෙරලෙන්න බැරි කමට කොට්ටයක් අරන් මූණ වහගත්තා. ඊයෙ උදේ ඉදන් අභිත් එයා වෙනුවෙන් කරපු දේවලුයි හවස මංචනායක සර් ඉස්සරහදි කියපු වචන ටිකයි සැසදුවාම හොද පැත්තට වැඩි බර තැබීමක් තිබ්බත් තරහයි කියල පෙන්නන්න ඕන කමට ලොකු කම හිස්මුදුනටම ගහපු ටෙරාන් message එක seen කරලා නිකන් හිටියා.

" සුදු මහත්තයා. "

" ඕඔ අම්මා ..."

" මේ දැන් delivery කරන මනුස්සයෙක් ඇවිත් දීල ගියා ටෙරාන්ට කියලා. "

Rose bouquet එකකුයි fab එකේ cake එකකුයි අරන් අම්මා කාමරේට එද්දි ටෙරාන් බිත්තියට හේත්තු වෙලා ඇදෙන් ඉදගත්තා.

" මේ මට... කවුද අම්මේ මට රෝස මල් එවන්නේ."

" මන් කොහොමද සුදූ දන්නේ ඕකෙ මුකුත් ගහල නැද්ද?"

" නෑ නේ සමහර විට office එකෙන් වෙන්න ඇති. "

හිත ඇතුලෙන් මේක එව්වේ අභිත් කියල හොදටම sure උනත් ටෙරාන් අම්මට ඒ ගැන නොකිය හිටියා.

" සුදු අම්ම වගේ පිහියක් අරන් එනවද ? දැන් මට ලොකූ කේක් බඩගින්නක් හැදීගෙන එනවා . "

අම්මා කාමරෙන් ගිය ගමන් cake එකයි rose bouquet  එකයි එකට තියලා ටෙරාන් photo දෙක තුනක් ගහ ගත්තා. Fresh roses 10ක් තිබ්බ bouquet එක අරන් සුවද බලපු ටෙරාන්  bouquet එක කරකව කරකව බලද්දි යටින් ගහල තියන Tag එක දැක්කා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now