25 🌹

1.4K 162 129
                                    


" ඔය පිටිපස්සේ box එකක් ඇති. Sandwich වගයක්. "

පිටිපස්සේ seat එකට නැමුණු ටෙරාන් lunch box එක අරන් seat එකෙන් වාඩිවෙලා belt එක දාගත්තා.

" කවුද හැදුවේ ? "

" Michelle වෙන්න ඇති. "

Box එක අරින්න ගිය ටෙරාන් ආයෙ ඒක වැහුවා.

" මට එපා. "

" ඇයි ?"

" ඔයාටනේ හදන්න ඇත්තේ. ඔයා කන්න. "

" ඔයාට එපා නන් මටත් එපා. "

" හ්ම්ම්. "

ටිකකින් කාර් එක slow කරපු ටෙරාන් shutter එක පාත් කරලා එළියට ඔලුව දැම්මා.

" Uncle. "

පාර අයිනේ හිටියේ Abans එකේ වැඩ කරන වයසක අංකල් කෙනෙක් දැකලා අභිත් ඒ මනුස්සයට අත වනලා කතා කරා.

" මේ පාන් වගයක්. Uncle කන්න. "

ටෙරාන්ගේ ඔඩොක්කුවෙ තිබ්බ lunch box එක ගත්ත අභිත් ඒක පාර අතුගාන ගමන් හිටිය මනුස්සයට දුන්නා.

" අනේ පිං සිද්ද වෙනවා මහත්තයෝ. "

ඒ මනුස්සයා ස්තූති කරද්දි ඒ කෙනා දිහා බලල හිනා වුණු අභිත් කාර් එක ආයෙම පාරට දැම්මා.

" ඇයි එහෙම කරේ ?"

" අපි දෙන්නම කන් නැත්තන් කන මනුස්සයෙක්ට දුන්නට කමක් නෑ නේ. "

" හ්ම්ම්. "

" ඔයාට බඩගිනි නම් අපි ඉස්සරහෙන් මොනා හරි අරන් කමු ."

" මන් කාලා ආවෙ. "

" ඒ වුණාට මට බඩගිනී නේ. "

" Sorry. "

" රන් ඔයාට මූණ එල්ලගන්න තරම් දෙයක් උනේ නෑ නේ. "

" එයාල කවද්ද යන්නේ ?"

" දන්නෑ . මන් ඕව අහන්න ගියේ නෑ. "

Sen saal එකෙන් දෙන්නටම breakfast ගත්ත අභිත් site එකට එනකන්ම ටෙරාන්ට කියල කෑම කවාගත්තා. Site එකට එද්දි නන් ටෙරාන්ගේ mood එක ටිකක් විතර fix වෙලා තිබුණා. 

ටෙරාන්ගේ ගෙදර ඔහොම කවුරු හරි නැවතුනා කිව්ව නම් එයත් මේ වගේම හැසිරෙනවා කියල දන්න අභිත් ටෙරාන්ව තේරුම් ගත්තා වගේම ඒ කාලේ ඇතුලත ටෙරාන්ගේ හිත නොරිදෙන විදියට වැඩ කරන්නත් වග බලාගත්තා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now