32 🌹

1.4K 167 141
                                    


ගෙදර ආවට පස්සේ ඊළග විනාඩියෙ ඉදන්ම  අභිත් නැතුව  ජීවත් වෙන එක කොච්චර  අමාරු දෙයක් ද කියල ටෙරාන්ට තේරුන් යන්න පටන් ගත්තා වගේම එයා අභිත්ට කොච්චර බැදිලද කියලත් ටෙරාන්ට තේරුන් ගියා .

එයාල එකට හිටියෙ ටික දවසක් උනත් අභිත්ගේ උණුහුම දැනෙන් නැතුව , අභිත් එයාගේ වටේ කැරකි කැරකි ඉන්නව පේන්නේ නැතුව ගෙවෙන පරිසරය ටෙරාන්ට ලොකූ පාළුවක් ඇති කළා. අනිත් පැත්තෙන් අභිත්ටත් මේ හැගීම මීටත් වඩා තදට දැනුණා.

පාලුව මකාගන්න ඕන නිසාම ටෙරාන් එදා දවස තිස්සෙම අම්මා වටේම කැරකි කැරකි හිටියා.

රෑ නිදාගන්න ඇදට ආපු ටෙරාන් අභිත්ට call එකක් ගද්දි දෙපාර ring වෙද්දිම එහා පැත්තෙන් call එක answer වුණා.

" බබා I miss you. "

ඇදේ දිගා වෙලා මූණත් බෙරිකරන් ඉන්න අභිත් කියද්දි ඊට නොදෙවෙනි වෙන්න මූණ බෙරිකරන් හිටිය ටෙරානුත්  එහෙමයි කියන්න ඔළුව වැනුවා.

" බබා මන් ඔහෙ එන්නද ?"

" දැන් 10 ටත් කිට්ටුයි. "

" කමක් නෑ. අපි දෙන්නා හද පානේ පැනල යමු. "

ඒකටත් හා කියන්න වගේ කොට්ටෙට කම්මුලක් තද කරගෙනම ටෙරාන් ඔලුව වැනුවා.

" මොකද බබා කට වැහිලා ?"

" මට පාළුයි අනේ...... නින්ද යන්නෙත් නෑ......"

" same here බබා.  මගේ සුදු මැණික මාත් එක්ක යන්ට මනාප නම් මන් ඇදිවත පිටින් උනත් උඹව කැන්දත් යන්න මනාපයි මැණිකේ... "

" ඊට පස්සේ උම්බ මාව බඩ කරල අත ඇරියොත් මන් අනාත වෙයිනේ අප්පච්චි. "

" හපෝ උඹ මන් ගැන ඔහොමද හිතන් ඉන්නේ ?"

" වීලු...වීලු...  මේ මන් හෙට අම්මගෙන් cooking tricks ටිකක් අහගන්න බලන්නම්."

" ඒක නම් හොදයි. පුළුවන් නම් voice record එකක් වත් ගන්න. නැත්තම් සදුද වෙනකොට ඕව අමතක වෙලා තියෙයි. "

" ඔව් මේ අහන්නකෝ- "

මහ පාන්දර වෙනකන් ඔහේ කියව කියව හිටිය දෙන්නට call එකේම නින්ද ගිහින් තිබ්බා. ඉරිදා උදේ අම්මා දවල්ට උයන්න ගනිද්දි ඇදෙන් බැස්ස ටෙරානුත් අම්ම එක්කම කුස්සියට රිංගලා හිරමනේ උඩින් වාඩිවුණා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now