අඩු ම මේ ගැන ජන්ග්කුක්ටවත් කිව්වෙ නෑ... ඒරා ගැන ආරාට මතක නැති නිසා ආරා මං නැති වෙලාවට ඒරා ගැන බලා ගන්නවා.. අවුරුදු දෙකක් ගිහින්වත් තාම ඇගිල්ලක්වත් හෙල්ලුවෙ නෑ... ඔයාට මං කියන දේවල් වත් ඇහෙන්නෙ නැද්ද ඒරා.. මේ තරම් කල් නිදා ගන්න ඔනි ද..

  ඔය විදිහට සද්ද නැතුව ඉන්නෙ කොහොමද ආ... ඔය කට වහන්න නම් බෑ කියලා නේද කිව්වෙ.. ආහ්.. කියවන එක නතර කර ගන්න කිව්වට මේ විදිහට ඉන්න කිව්වෙ නෑ ඒරා... ඔයා මගෙ රෝස් මල නේද.. රතු රෝස මල දැන් සුදු මැලි වෙලා.. තාමත් තුවාල කැලැල් සනිප වෙලා නෑ.. ඒත් එක පාරක් ඇස් අරින්න.. බැරි නම් එක පාරක් මේ අත අල්ල ගන්න.. මට දැන් ගොඩක් මහන්සි ඒරා..

  මේ හිත ඔයා වෙනුවෙන් බලන් ඉන්න ඕනි ද තව ගොඩක් කල්.. ජිවිතේ හැම වෙලාවෙ ම විදින්න ඔනි කිව්වා නේද.. ඔයා ඔහොම ඉදල හරි යන්නෙ නෑ නේද..

  මං ඒරාගෙ සීතල වෙලා තිබුණ අතක් මගෙ අත් දෙකෙන් ම වහ ගන්න ගමන් මං බලන් ඉදියේ හුස්ම විතරක් වැටෙන අවුරුදු දෙකක් තිස්සේ පිය වෙලා තියෙන ඒ ඇස් දිහා.. මගෙ ළඟ මා එක්ක ම නිදා ගන්නකම් මං දවස් ගැන්නා.. හරියට පොඩි ළමයෙක්ට තෑග්ගක් හම්බෙනකම් බලන් ඉන්නවා වගේ..

  ඒත් ඔයා දැන් මගෙ ළඟ ඉදලත් මගෙ පපුව පිච්චිලා යනවා වගෙ... අපි දෙන්නා සමාන්තර රේඛාවක් වගේ ද ඒරා.. කවදාවත් එකතු වෙන්නෙ නැද්ද.. අන්තෙට ගියත්.. මට එහෙම ඔනි නෑ.. ඔයාගෙ ආදරෙයි මට ඕනි.. ඔයා එක්ක ඉන්න.. ඔයාගෙ හිනාව දිහා බලන් ඉන්නයි මට ඕනි.. ආයෙමත් ඔය පුංචි තොල් වලින් හැන්ඩ්සම් කියලා අහන්න...

මං ඒරාගෙ ඒ සුදුමැලි වෙලා තිබුණ මූණ මගෙ මහපට ඇගිල්ලෙන් අතගෑවේ මගෙ ඇස් වල කදුළු පාලනෙ කර ගන්න එක මට බැරි වෙද්දි... කොයි වෙලේ නින්ද ගියා ද කියලා මම දන්නෙ නෑ.. මට නැගිට්ටුණේ කවුරු හරි මගෙ ඔලුව අත ගානවා දැනුන නිසා.. මං ඉක්මනට නැගිට්ටින ගමන්..

එ...ඒරා...

ඔප්පා..

අ..ආරා ඔයා මෙතන..

හ්ම්.. ඔන්නි කියල ද හිතුවේ.. ආරා මගෙන් ඇහුවේ ඒරා දිහා බලන ගමන්... මං ලාවට හිනාවක් දැම්මා.. ඔව් මං හිතුවේ මගෙ ඒරා කියලා.. ඩොක්ටර් කෙනෙක් විදිහට ඔයා ගැන බලාපොරොත්තු තියා ගන්න එක අමාරු දෙයක් වුණත්.. ඔයා නැගිටිනකම් බලන් ඉන්න මට පුලුවන් ඒරා... ඔයා මට පොරොන්දු වෙන්න ඉක්මනට නැගිටිනවා කියලා.. චේබල්..

Shhh... ( Complete )Tahanan ng mga kuwento. Tumuklas ngayon