"මම ඇහුවෙ නෑනෙ.."

"ඒ උනාට මගේ චූටි සර් මූණ එල්ලගෙන ඉන්නෙ ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා හිතාගෙනනේ.."

"එහෙමනේ.."

රාද් මගේ නිකටින් අල්ලලා එයා දිහාට හරවගත්තාම මම එයාගෙ අත එහාට කරේ ඒ කට කොනක් උඩට ඉස්සෙද්දි..

"විකාර.. එයා ඔයාගෙ කවුරු උනාත් මට මොකද.. අනික අපි ඉන්නෙ පන්සලේ.. ඒ නිසා පන්සලට ගැළපෙන විදිහට හැසිරෙන්න.."

"පන්සලට ගැළපෙන විදිහට තමයි හැසිරුනේ.. ඔන්න තමුසෙයි මායි මෙතන ගැරඬි වගේ එතිලා කටවල් කාගත්තා නම් එ.........."

"තිශාක්‍ය.."

මගේ කම්මුල් රතු පාටට හැරෙද්දී මං නොරිස්සුමෙන් එයාගෙ නම කිව්වෙ එයා සද්දෙන් හිනා වෙද්දී..

ඩෙනිමට වැලමිට ලගට අත් නවපු සුදු කමිසයක් ඇඳගෙන ඉදපු කොල්ලාගෙන් මට අද වෙනදාට වැඩිය නිවුන ගතියක් පෙනුනෙ බෙල්ලෙයි කන් වලයි එල්ලගෙන ඉදපු තොරොම්බල් ගලවල තිබුණ නිසාද කොහෙද..

"මොනවාද බලන්නෙ.."

"අද වෙනදාට තියෙන රස්තියාදුකාර පෙනුම නෑ.."

"අහිංසක පොඩි කොල්ලෙක් වගේ.."

එයා දිහා බලාගෙන මම කියද්දී එයා මගේ ළඟට ලං උනේ එයාගෙ අතේ චූටි ඇඟිල්ල මගේ චූටි ඇඟිල්ල එක්ක පටලගන්න අතරේ..

"ඔයා හිතන තරම් මම අහිංසක නම් නෑ චූටි සර්.. පොඩිත් නෑ.. ඒත් ඔයා මේ විදිහට කැමති නම් මං හැමදාම උනාත් මෙහෙම අඳින්නම්.."

"ඒ කියන්නේ මං කිව්වොත් ඔයා වෙනස් වෙනවාද.."

"ඔව්.."

"හේතුව.."

"හේතුව මම ඔයාට කලිනුත් කිව්වානෙ.."

"මට මතක නෑ.."

එහෙම කියපු මම එතනින් යන්න හැදුවාත් එයා අල්ලගෙන ඉදපු මගේ ඇඟිල්ලෙන් ඇදලා ගත්තෙ මං එයාට රවද්දී..

"ආව් මෝඩයෝ.. මට රිදුණා.."

"ම්.. ඉස්සරහට මීට වඩා රිදෙයි.."

"ඔය පෙන්නන තරම්ම තමුසෙ අහිංසක උනා නම් සමහරවිට........"

එතනින් එහා මුකුත් නොකියපු එයා මගේ ඇස් මග ඇරියා..

දෙහදක කඳුලු (Yizhan Short Story)Onde as histórias ganham vida. Descobre agora