07📖️

2.7K 636 733
                                    

සඳේ මා කෙසේ කියන්නේ
හිතේ තියෙනආදරය
මා මන්මත් කෙරුවා කියා
ඔබ දුටුදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබෙ රූ නිසා
හිත පාවෙලා
දුර ගියා

පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා

සංසාරිනී මගේ
නන්නාදුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ......

.

.

.

.

"ඇයි මට එන්න කිව්වෙ.."

යන්දෝ නොයන්දෝ කියලා රෑ නිදිමරාගෙන පැය ගාණක් කල්පනා කරපු මම ආයෙත් රාද්ව මීට් වෙන්න යන්න තීරණය කරේ එහෙම නැති උනෝතින් අනිවාර්යයෙන්ම ඊයෙ රෑ වගේ එයා තව පිස්සුවක් නටනවා කියලා හොඳටම දැනගෙන ඉඳපු නිසා..

ඇත්තමයි මේ දෙදාහෙන් පස්සෙ ඉපදුන පොඩි ඇටකිච්චොන්ගෙ නම් පුදූම මුරණ්ඩුකමක් තියෙන්නේ..

දෙයක් හොඳින් කිව්වාට මුන් අහන්නෙම නෑ..

හොඳින් බැරි නම් නරකින් හරි උන්ට ඕන දේ කරගෙනම තමයි නතර වෙන්නෙ..

"නිදහසේ කතා කරන්න.."

මම අහපු ප්‍රශ්නෙට රාද් උත්තර දුන්නෙ මගේ ඔලුවෙ ඉදන් කකුල් දෙකට යනකම් බැල්මක් දෙන ගමන් වෙද්දී දැනුන අපහසුතාවෙ නිසා මම ඇඟිල්ලෙන් ස්පෙක්ස් දෙක හදාගත්තෙ එයාගෙ ඇස් මග ඇරලා බෝ මලුව දිහා බලන ගමන්..

"මේක පන්සලක් රාද්.."

"මම දන්නවා.."

"එහෙනම් ඇ.........."

"ඔයා මාත් එක්ක දැකපු ඒ කෙල්ල මගේ කසින්.. යොමාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.."

එකසැරේටම එයා කියපු දේත් එක්ක මං එයා දිහාට හැරුනෙ පුදුමයෙන් ඇස් ලොකු කරගෙන උනාත් තත්පර දෙක තුනක් ඇතුළත උගුර පාදලා ආයෙත් අහක බලාගත්තා..

දෙහදක කඳුලු (Yizhan Short Story)Where stories live. Discover now