දාහතරවන දිගහැරුම~

Start from the beginning
                                    

මමත් කොහොමත් දැන්ම නිදාගන්නේ නෑ,ඇයි අපි හැදිච්ච ළමයිනේ,පාඩම් කරන්න එපැයි පිස්සු කෙලියට,මේසේ කෙලවරේ තිබ්බ කොළපාට ටියුට් මිටිය ඇදලා ගත්ත මම ඒක පෙරලන්න ගත්තා,geography වල සිතියම් හැමතැනම,මොනා නැත්තත් මට ලෝකේ ඕනම තැනක් විනාඩියෙන් හොයාගන්න පුළුවන්!!

geography කියනකොට මතක් උනේ,හෙට අපිට අර කැලෑවට රිංගන්න තියෙනවා නේද?? කොහොමත් ඉස්කොලේටම අයිති ඉඩමක් නිසා අපිට ඒක ප්‍රශ්නයක් නෑ කියලා තමයි ප්‍රින්සිපල් නම් කීවේ,අනේ මන්දා,කොහොමහරි පරිසර දිනේට කලින් කෘතිම වනාන්තරයක් හදාගන්න පුළුවන් උනොත් එච්චරයි!!

ගෙදර වැඩ ටික ඉවර කරන්න ලෑස්තිවෙනකොටම මගේ ෆෝන් එක බෙරිහන්දිල්ලක් දුන්නා ආය උඩ ගිහින් බිම වැටෙන්නම,හරි හරි යකෝව්!!! මට අමතක වෙන නිසානේ සේරම,ටේනුක් අයියත් බයවෙලා හිටියේ සද්දෙට හැබැයි මිනිහා ෆයිල් එකෙන් ඉස්සිලා අර ඉස්ගෙඩි දිසෙනේ ගහන ඇස් දාගෙන මට රවනවා!!

ඇත්ත වශයෙන්ම ඕක මම තිබ්බේ හත්තවුරුද්දකට කලියෙන්,උදේ පාන්දර කරගන්න බැරි උන පාඩම් වගයක් නෝට් කරගන්න,කොච්චර කම්මැල් ජීවියෙක්ද කීවොත් ඒකවත් තාම ඕෆ් කරගෙන නෑනේ මම~

අනේ සාන්ත,ඇයි මෙහෙම කලදසාවක් ලංකාවේ දරුවන්ට උදා උනේ,නැද්ද මම අහන්නේ??

"මොනාද ආයුක් ඔය දාගෙන ඉන්නේ,ඕවද ඉගෙන ගන්න ළමයි දාගන්න රිගින්ග් ටෝන්??"

"අයියෝ...වැඩක් නෑ අනේ...උගේ බෙරිහන්දිල්ලක් නිසා මට ඇහැරෙන එකම මදැයි,හීන් ඒවා දාගෙන මට නින්ද යනවා තව ඇහැරෙන එක කෙසේවෙතත්!!"

හරි හරි ඉතින් මම කුණුහරප සින්දුවක් දාගෙන හිටියේ,සින්දුවෙන් වැඩක් නෑනේ උබර්ලට,ම්හුක්!! මිනිහට නැගලවත්තෝ, අනේ මට මොකද,අදාල නෑනේ,

මොකුත් කීවේ නෑ හැබැයි,ඒ කුණුහරප ටිකට පුරුශයෙක් උනත් බඩවෙන සීන් එකක් තියෙනවා ඉතින්,කොහොමහරි අනිවාර්යයෙන් අයියට මල පැන්නේ ඒකට,

ඇත්තටම මට ටේනුක් අයියට හොදින් සලකන්නම බැරි උනා නේද?? ඇත්තටම බලන් යනකොට අච්චර පොඩි වයසකදි උගේ පණත් නැතිකරගන්න වැඩක් කරලා කොහොමද මූ මාව බේරගත්තේ??

You've reached the end of published parts.

⏰ Last updated: Mar 07 ⏰

Add this story to your Library to get notified about new parts!

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now