නවවන දිගහැරුම~

114 26 2
                                    

"බුදාම්මේ...හිච්චි දුශ්ටයාගේ ගෙදරත මේ??"

උශාන්ගේ කෑගැහිල්ලට පුටුවේ ඉදන් උන්න ආයුක් ගැස්සිලා යනකොට රවීන් ඒ දිහා කන්න වගේ බලන් හිටියා ආයුක්ගේ ගැස්සිල්ල නිසා ආයුක්ගේ පිටට තට්ටුවක් දාපු ටේනුක් ඉස්සරහා ඉන්න සිගිති පාතාල නායකයා දිහා වපර ඇහෙන් බැලුවා.

"උශාන් පුතා මොකද මෙහෙට රිංගුවේ!!"

"ඇයි දැන් තෝනේ කීවේ ටේනුක්ව මෙහෙ ගෙනල්ලයි බලන්න වරෙම් කියලා!!"

පැහැසර කඩාන බිදගෙන ඇතුලට ඇවිල්ලා ටේනුක්ගේ අත් කකුල් බලන ගමන් කියනකොට රවීන් මූන දෙක කරගත්තා,

"වරදක් උනානම් සමාව ගන්නෑ රම්තරං....මම පොඩ්ඩක් බය කරා!"

රවීන් ඇම්බැට්ටා වගේ හොරෙන් කියනකොට උශාන් මාරාවවේසෙන් රවීන්ගේ ඇගට කඩා පැන්නේ රවීන් පපුවත් අල්ලන් සෝෆා එකට බරවෙනකොට..

"පැහැසර මේ....මූ හැදිලා අන්තිමයි...මම හිටපන්කෝ බාලසූරිය අංකල්ට කියන්න"

"අනේ උබ කියලා කරයි මට!!"

රවීන් රවාගෙනම ගේ ඇතුලට යනකොට මොකුත් නොදන්න ආයුක් මේ දිහා කට ඇරගෙන බලන් හිටියා.ඔන්න ඔය වෙලාවේ තමයි ආයුක්ගේ ෆෝන් එක එකපාරටම රින්ග්ස් ගියේ.

ආයුක්ගේ ඇස් ෆෝන් ස්ක්‍රීන් එකේ තියෙන නම දිහා බලාගෙන ඉදලා ඉබේම බිමට හැරවිලා ගියා.ඔය සද්දෙට තමයි ටේනුකුයි ටේනුක්ගේ සිහියෙන් හිටපු උශානුයි පැහැසරයි දෙන්නා මේ ලෝකෙට ආවේ.

"හ්..හෙලෝ"

....

"නෑ ග්‍රෑන් මා...මම ප්‍රොජෙක්ට් එකකට රවීන්ලගේ ගෙදර ආවා!!"

...

"රියානා එක්ක මට කතාවක් නෑනේ ග්‍රෑන් මා...ඔයාට ඕනි දේවල්ම කරලා බෑනේ!!"

...

"ග්‍රෑන් මා!! අන්ඩස්ටෑන්ඩ්..මම තාම ඒලෙවල්ස් කරන්නේ..දේදුනුපාය බිස්නස් එක බංකොලොත් වෙලා වගේ කතා කරන්නෙපා...අනික රියානා කියන්න අවුරුදු 25ක කෙල්ලෙක්නේ..මට තාම 18යි!!"

...

"නෝ...නෙවර්....එහෙම දෙයක් ඕන්නෑ...ග්‍රෑන්මා ඔච්චර වද වෙනවනම් මගේ ඩැඩාගේ මර්ඩවත් හොයාගන්නකෝ!!"

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now