හයවන දිගහැරුම

143 33 6
                                    

"හෙලෝ ටේනූ රන්දෙව් පදිංචියට ඇවිත් තියෙන්නේ උබලගේ අපාර්ට්මන්ට් එකේ"

"මො...කක්ද?"

පැහැසරට කතා කරන්න නොදී උශානයා කෑ ගහනකොට මට හිල්ලුනා!! දෙයියෝ සාක්කි!! කරුම කියන්නේ මේවට යකෝ!! පස්සෙන් එන්නේ පස්සෙන්!!

"ටේනූ!! අපි මේ දැන්ම අපාර්ට්මන්ට් එකට එනගමන් පුළුවන් ඉක්මනින් උබ ගෙදරට ගිහින් දොර වහපන්!!"

"ඒත්-"

ඒත් මේත් කියන්නත් කලියෙන් උශානයා ෆෝන් එක කට් කලා!!මේ පිස්සෝත්තට පුදුම අමාරුවක්නේ මැණිකේ!! මේකා දැන් ඔය කීවේ එනගමන් වෙනකොට මම උන්නේ හූල්ල හූල්ල!!

ඇයි යකෝ උබලට දැනෙන්නෑ ඒ වේදනව!! බයයි තමයි දෙයියෝ මිනීමරුවෙක් ඒ!! ඒකත් මමම අල්ලලා දීපු මිනීමරුවා!! මට තර්ජනේ කරපු,පලිගන්නවා කියලා කෑගහපු, ඒ මිනිහා මගේ ගෙදර තියෙන මහල් නිවාසේම ගෙදරක් අරන්,ලෝයර් කෙනෙක් උන මට මිනිහා හැරෙන පැත්ත කියාගන්න පුළුවන් උනාට,අනේ අර පුංචිත්තං බෝල ඇස් මතක්  වෙලා නොදැනිම ආපහු මට හීල්ලුනා!!

අනේ මගෙ අහිංසකයා!!

ටේනුක් තමුසේට පිස්සුද අයිසේ ඒ පොඩි එකාට හොදට සල්ලිත් ඇති,අනික වටේටම එදා නඩුව දවසේ හිටපු ආරක්ශකයෝ ටිකත් මතකනේ!!

අනේ මේ ඉස්සෙල්ලා පලයන් ගෙට හුයන්නක් නොවී,නැත්තම් අර රන්දෙව්කාරයා උබේ බොටුව මිරිකලා ලේ බොයි!!

මම තිබ්බ හදිස්සියට අප්පච්චිටත් කෝලක් ගන්න ගමන් එහෙම්ම වේගෙන් දිව්වා,දුවන් ගියා තමයි හෙන පද කොල්ලෙක්ගේ ඇගේ වැදිලා මාව බිමටම පතබෑවුනා

"හෙලෝ මලී- අහ් ඔහ් මයි ගෝඩ් ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?"

ඒ ගොඩ්සිලයා බලපන්කෝ!! වට්ටලා අහනවා ඔයා හොදින්ද- ඒයි!! ඒ ඇස් ඒවා ඒවා හරියට ආයු- ටේනුක් හරි සිහියට වරෙන් මිනිහෝ මොන ඇස්ද!!ඒත් එක්කම ඒ කොල්ලා මාව අල්ලලා නැගිට්ටෙව්වා!!

මොනා නැතත් අලි මස් කාලා වගේ පත බොඩියක් නම් මිනිහට තිබ්බා!! මගේ තියෙන කොමලේ හින්දා මම බිම බැලුවට මම ඒ ඇස් දිහා හොරෙන් බැලුවා හැබැයි!!

"ඔහ්..ත්..තැන්ක්‍යූ"

මොන මගුලකටද මන්දා මට ගොතත් ගැහුනා කොහොමත් මට එහෙම වෙනවා!! මොකද මේ අවස්ථාවේ හැටියට මට එහෙම හරි කතා කරගන්න පුළුවන් උන එක ගැනත් මම එක අතකට සතුටු උනා!!

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now