දෙවන දිගහැරුම~

241 43 15
                                    

"ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය!!!"

"හී හී සර්"

ප්‍රින්සිපල් සර් කෑගහන්න ගත්තම කොල්ලා මෝඩ විදිහට හිනාවෙලා බිම බලාගත්තා

හෝව්.....

මේ ඉන්නේ අපේ ආයුක් නෙවෙයි නේ!!

මොකාද එකා වගේ ඇබරි ඇබරි...

"මොකද උබ ගුලි කාලද??!"

සර් එක දිගටම ආයුක් දිහා රවන් ඉන්නවා දැකපු කොල්ලා ගිහින් ප්‍රින්සිපල් සර්ගේ කරේ එල්ලුනේ වටේ ලමයිනුත් පුදුමෙන් වගේ බලන් ඉන්නකොට,

"ඔහ් මයි.....ආයුක් මොකක්ද මේ කරන්නේ"

"අනේ....මගේ හොද සර්නේ....නුවරඑළියේ යමුකෝ"

මවාගත්ත හුරතලේකින් හිනා උන ආයුක් ප්‍රින්සිපල්ටත් කොකා පෙන්නලා කොහොමහරි මේ බටර් ගගා ඔය හදන්නේ නුවරඑළියේ පැනගන්න!!

අනේ මෙහෙමත් ළමයි!!

මම බොරුවටද කීවේ අද කාලෙ හැදෙන ලමයි අන්තිමයි!!

"ආ...මට හිතුනා උබ ගල් ආදා වගේ මේ දවස් ටිකේ GC එක්ක නළියනකොට තොපිට ගාය හැදිලා කියලා!!"

"හයියෝ සර් මොකක්ද අප්පා!! ට්‍රිප් එකක් එක්කන් යන්න බැයිද අනේ!!"

එතකොටම ඔන්න ආයුක්ගේ අපාය සහයක ආවේ ප්‍රින්සිපල්ගේ අනික් කරට අත දාගෙන..කොල්ලෝ කියන්නේ නරි කියන්නේ නිකමටද ඉතින්!!

"දැං උබලා කියන්නේ නුවරඑළියේ යන්න ඕනේ කියලා"

"ඔව්!!!"

මුන් ඔක්කොම පජාති කැත හිනාවක් දැම්මේ ප්‍රින්සිපල් සර් ඉහේ අතගහා ගන්නකොට!!

ඇයි ඉතින් කුප්ප පොඩි එවුන්ගෙන් බේරෙන්නත් එපැයි දැං මේ අහිංසක මනුස්සයටම තමයි ඔක්කොම කරන්න වෙන්නේ!!

"හ්ම්ම්ම්ම්...හරි අපි විස්තරයක් කියන්නම්කෝ"

කරන්නම දෙයක් නැතිකොට සර් කීවේ පසුතලයෙන් ඇහෙන කිංකිණි සද්ද ගණන් නොගෙන,හහ්!! සුවර් සොට් අනිවාරෙන් රුහුණුපාය රටකාලා එන්න හදන්නේ!!

___________

"හයියෝ නෑ නෑ සීයේ මම ඇහුවේ සර් දැං නුවර පදිංචියට ඇවිත් කොච්චර කල්ද කියලා"

කාළ ස්වේත |TK Nonfiction | Slow update Kde žijí příběhy. Začni objevovat