අටවන දිගහැරුම~

126 32 5
                                    

"ඔයා ආ...ආයුක් මල්ලිද???"
.
.
.
.
හරි,ඒ වචන ට්කම ඇතිනේ!! ආයුක් උන්නේ දනගැස්සිලා වෙනකොට රවීන් ආයුක්ව අල්ලන් උන්නා,ටේනුක්,එ මනුස්සයාට උන දේවල් ප්‍රොසෙස් කරගන්නවත් කිසිම වෙලාවක් නැති උන තැන ආයුක් වැටුනවත් කොල්ලගේ ඉකිගැහිල්ලවත් ඇහෙන්න ටේනුක් උන්නේ මේ ලෝකේ සිහියෙන් නොවුනා!!

"ආයු පණ...අඩන්නෙපා මේ කෝ බලන්නකෝ මෙහෙ!!"

රවීන් දිහා බලන් උන්න ආයුක් වෙව්ලන තොල් උල් කරගෙන ටේනුක්ගේ දිහාට ඇගිලි දි කර කර පොඩි එකෙක් වගේ මොකක් හරි කියන්න හදනකොටම ලොකු ඉකියක් ඒ රෝස තොල් අග්ගිස්සෙන් ගිලිහිලා යනකොට ටේනුක් ඒ සද්දෙන් ගැස්සිලා හරි සිහියට ආවා!!

වෙන්නෝනේ එච්චරයි වෙනකොට,ටේනුක් සැනෙන් ආයුක්ව බදාගෙන උන්නේ එක මොහොතකට විතරක් හම්බුන පොඩි කොල්ලා අද මෙච්චර ලොකු කෙනෙක් වෙලා ඉන්නවා කියලා දැකපු සතුටට නම් නෙවෙයි,ඒ බෝල ඇස් වලට කදුලු උනපු එකට විතරමයි!! ඔව් ඒ හින්දා විතරමයි!!

"ස්...සුදු බබා!!"

ටේනුක්ගේ කටින් ඒ වචන පිටවෙනකොට ආයුක් ටේනුක්ගේ පපුවට තව පොඩ්ඩක් ගුලි උනේ රවීන් මේ දිහා ඔහේ බලන් ඉන්නකොට,සුදු බබා!!

"ශූ!! අයිගෝ අයියට සොරි!! සුදු බබා අඩන්නෙපා හාද අනේ බලන්නකො එතකොට බබීගේ මේ බෝල ඇස් සතුවෙල යනවා!! කෝ බලන්න අඩන්නෑ හාද!!"

ආයෙත් ඉකි ගැහෙන ආයුක්ගේ ශරීරේ තමන්ගේ ඇගට තුරුලු කරන් උන්න ටේනුක් නොදැනුවත්වම ඒ සිනිදුවට තියෙන කෙස් වලින් හාදු දෙකක්ම තියලා ලොකු හපන් කමක් කරලා තමයි උන්නේ!!

"සිරාවටම මට හිතාගන්න බැරි...ටේනුක් අයියා ගෑවට ඇත්තටම ඒ ඔයා කියලා රූපෙන් අදුරගෙන උන්නනම් මෙලහකට ඔයාලා හම්බෙලා නේද කියලා??"

රවීන්ගේ සද්දෙන් දෙපැත්තට උන දෙන්නා රවීන්ගේ කටහඩට අවදානේ යොමු කරනකොට ලාවට උනපු කදුලු ටික පිහගත්ත ආයුක් ටේනුක් දිහා බැලුවා!!

"ම්...මොකක්ද දුශ් ඔයා කියන්නේ??"

"ඇත්තටම මම හිතන්නේ මටත් කියන්න දෙයක් තියෙනවා!!"

රවීන් මොකක් හරි කියන්න කට ඇරියත් ටේනුක් ඒක නැවැත්තුවේ මැද්දෙන් පැනලා,ඇත්තටම ටේනුක්ට කියන්න ගොඩක් දේවල් අනිවාර්යයෙන් මෙතන තියෙන්නෝනි!

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now