"මල්ලි මැද පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්න " කොන්දගෙ උදාන වාක්‍ය . එක්කො උන් නොදැන කියනවා නැත්තන් දැන දැනම ආතල් ගන්නවා . 

මන් හිටියේ ජනේලෙ අයිනේ .. මගෙ එහා පැත්තෙ ඉදගෙන්  හිටියේ Gp medical center  ඒකෙ නර්ස් කෙනෙක් යුනිෆෝම් එකක් ඇද ගත්ත ලස්සන සුදු කෙල්ලෙක් . කෙල්ල එක විදිහකට් ඉන්නෙම නෑ දැන් සෑහෙන වෙලාවක ඉදන් එහෙටත් ඇබරෙනවා මෙහෙටත් ඇබරෙනවා .. ඒක ගාව හිටන් ඉන්න මිනිහා ඒකිගෙ ඇගේ ඇතිල්ලෙනවා කියන එක මට මීටර් වෙන්න ටිකක් වෙලා ගියා ..

"ඔය ඔතනින් ඉස්සරහට යන්න "

කොන්දා කෑ ගැහුවත් අරූ නෙවේ ගනන් ගන්නෙ ..අසහනකාරී බල්ලා ..

"නංගි .. ඔයා මෙතන්ට එන්න "

නොදැක්ක ගානට අහක බලා ගන්න හැදුවත් හිත ඒකට ඉඩදෙන්නෙ නැති තැන මන් කෙල්ලට කතා කරලා ජනේල අයිනට ඒකිව දාලා මන් අතනින් ඉදගත්තා .

ඇතිල්ලියන්කො දැන් උබ කියන බැල්ලමක් අරූට දෙන ගමන් කට කොනට හිනා වෙලා ..ඇයි මේ මිනිස්සුන්ට අඩුම තරමේ ඒ කෙල්ල ඇදගෙන ඉන්න යුනිෆෝම් එක දිහා බලලා වත් ගරු කරන්න බැරි . ඇත්තමයි මෙහෙම දේවල් දකිනකොට අපිටත් එක්ක ලැජ්ජයි . කතා කරලා බොරුවට ලේ පුච්ච ගන්න එක විතරයි .

ඔක්කොටම හපන් මේ අව්වයි රස්නෙයි .

මන් හොදින් .. මටම මුමුණ ගත්ත මම මූණට හිනාවක් අරගෙන  patient  ගේ රූම් එකේ දොර  ඇරගෙන ඇතුලට ගියා ..

patient එක්ක කතා කරලා කකුලෙ තිබුන තුවාලෙ දාලා තිබුන බෙහෙත් ගෝස් එක අයින් කරලා සර්ජිකල් පොගවපු අලුත් ගෝස් කෑල්ලක් අර ගත්තා ..

එකට තුවාලයක් ගත්තම පිහන්න ඕනේ තුවාලෙ මැද . ගත්ත ගමන් මුලු තුවාලෙම එක ගෝස් එකෙන් හරි පුලුන් කෑල්ලෙන් හරි අතුල්ලලා පිහිලා දාලා හරි යන්නෙ නෑ . එතකොට වෙන්නෙ හොද වේගෙන එන තුවාලෙත් ආයෙම පෑරෙන එක .

ගෝස් කෑල්ල අරගෙන තුන් පැත්ත හරව හරව තුවාලෙ පිහපු මම තවත් ගෝස් කෑල්ලක් ගත්තේ තූවාලෙ තමක එකක් නිසා . මැද පරිස්සමට පිරිසිදු කරලා ඉවර වෙලා තුවාලේ වටේ පිහින්න ගත්ත පුලුන් කෑල්ලත් තුන් පැත්ත හරවලා රවුමට පරිස්සමට තුවාලෙ මන් පිරිසිදු කරා . හැම වෙලාවෙම එකම පුලුන් කෑල්ල උලන්නෙ නැතුව අපි දැන ගන්න ඕනේ තුවාලෙ ප්‍රමානෙට අනුව පුලුන් ගන්න .

ELORA Where stories live. Discover now