My boy....😚💖 (part 6)

25 7 0
                                    

මේ තමයි අපි දෙන්නගේ පලමු හාදුව....

එදා කිව්වා වගේ මට තිබුනේ හාදුව පටන් ගන්න විතරයි..

එයාගේ අත් මගේ ඉනවටේ තදින් පරිස්සමට එතෙද්දි එයාගේ ඇගටම තදවුන මන් මගේ අත්වල ග්‍රහනේ වැඩිකරලා එයාගේ ඇගට බරවෙලා එයාගේ පිරුනු තොල් සිපගද්දි එයා මාව හරිම මෘදු විදිහට සිපගත්තේ අතරින් පතර මගේ පිටද පිරිමදිමිනුයි...

පෙම්වතුන්ගේ පාරාදීසෙදි මුන ගැහිලා අයිෆල් ටවර් එක ලගදි එයා එයාගේ ආදරය ප්‍රකාශ කරද්දි මන් නම්සන් ටවර් එක ලගදි මගේ ආදරේ එයාට ප්‍රකාශ කරලා නිලවශයෙන් එෆෙයාර් එකක් පටන් ගත්තා...

V,M අකුරු දෙක කොටපු කහයි කොලයි ලව් ලොක් දෙකක් අරන් එකට පටලලා දැම්ම ඒ දෙක අනික් ලව් ලොක් අතරින් විශෙෂ එකක් වෙද්දි ජිමින් ඒ දෙකේ යතුරු දෙක අතුරුදන් කලා..

ලෝකයන් දෙක්ක ජීවීන් දෙන්නෙක් උන අපි දෙන්නගේ ආදර කතාවේ සටහනක් නම්සන් වල ඉතිරිකල අපි එකිනෙකාට තුරුලුවෙලා රෑ අහසේ තනිවම ඉන්න තරුව දිහා බලන් හිටියේ තොල් අතර ලස්සනම ලස්සන හිනාවක් කියාගෙනයි...

"ත්‍රී...ටූ...වන්....හැපි වැලන්ටයි..."

අපිටත් නොදැනී වෙලාව හරි ඉක්මනින් ගත වෙලා පෙබරවාරි 14ත් උදාවෙලා තීද්දි අපි වගෙම වැලන්ටයින් එකට නම්සන් ඇවිත් හිටි හැමෝම මහ හයියෙන් සුභ පතා ගනිද්දි අහසින් ඇස් මුදව ගත්තු මන් ජිමින්ගේ පපුවට මූන තදකරම් ඒ උනුහුමට ගුලි වුනේ මගේ අත් එයා වටේ ඔතාගනිමිනුයි...

"හැපි වැලන්ටයින් ජිමිනි...මේ ආත්මේ මාව හොයන් ආවා වගේ හැම ආත්මයේම මාව හොයන් එන්න...මන් ඔයාට හැමදාමත් ආදරෙයි..."

මගේ ඔලුව උඩ නිකට තියන් මාව පපුවට තුරුලු කරන් ඉන්න ජිමිනිගේ වම් පපුව උඩින් තොල් තද කල මන් එහෙම කියද්දි එයා මගේ කෙස් අතර හාදු තිබ්බා..

"මාත් ආදරෙයි මගේ කොල්ලට...මහ හුගක්.."

"මගේ හැම ආත්මයක්ම ඔයාගේ...ඔයා මගේ.. මගේ සුදු කොල්ලව දෙන් නෑ මන් කාටවත්ම.."

මාව තදින් තුරුලු කරගත් එයා ආදරේ පිරුනු ඒ වචන මගේ කන් වලට මුමුනද්දි මන් සැනසීමෙන් මගේ ඇස් පියාගත්තේ එයා හැමදාටම මගේ ලග මන් ලගින්ම ඉන්නවා කියන විශ්වාසේ ඉර හද තරු වගේ ස්තිර වෙද්දි...

Vmin ff collection 💗Onde histórias criam vida. Descubra agora