I can't do this 😩💔 (part 4)

88 30 5
                                    

කාලය දවසින් දවස ගෙවිලා යද්දි ටේගේ සෞඛ්‍ය මට්ටම ඉතා යහපත් වීගෙන ආවා.

ඒකට ලොකුම හේතුව උනේ ජිමින් ටේට හොද වුනායින් පස්සෙ පෙන්වනවා කිව්ව ලස්සන ලෝකය දකින්නයි,කියනවා කිව්ව කතන්දර අහන්නයි ටේට ඇතිවුන ආසාව වගෙම ජිමිනිගෙන් ලැබුනු තරවටු කිරීම්, හුරතල් කිරීම් වගෙම පගා දීම්....

ටික ටික යතා තත්වෙට පත්වෙමින් හිටි ටේටේ ජින් හොබී දෙන්නා එක්ක වගෙම හොස්පිට්ල් ගාඩ්ලා එක්කත් ගොඩක් ෆිට් වුනා.

මුලින් මුලින් වචනයක් දෙකක් කතාකල ටේටේ ජින් ජිමින් හෝප් තුන්දෙනා එක්ක වරුගනන් කතාකලේ එයාලා ඩොක්ටර්ලා කියලා ඒ අයට අමතක කරවලයි..

අතීතය අමතක ටේටේ වර්තමානයේ සතුටින් කාලය ගතකරද්දි ජින්වගෙම හොබීත් ජිමිනිට කිව්වේ ටේට අතීතය මතක් කරන්න එපා කියලා.

මොකද අතීතයේ එක් කාල පරාසයක් ලස්සන උනාට අනික් කාල පරාසය හොද නෑනේ..

කොහොමත් දැන් ටේටේ එයාට එකතු නිසා ටේටේගේ මූනේ තීන හිනාව මකන්න ජිමිනිටත් උවමනා නෑ..

ඉතින් ටේට කියන්න ඕනි මොනාද කියලා ජිමින් කල් ඇතුවම හිතුවා.

Time pass..

"එහෙනම් පැටියෝ පරිස්සමෙන් යන්න.අපි  ඔයාව බලන්න එනකොට ඔයා හොදටම හොද වෙලා ඉන්න ඕනී.තේරුනාද..."

"ඔව් හියුන්ගී....මට ඔයාලව මතක් වේවී.."

"අපි නිවාඩුවක් ලැබුනම ඔයාව බලන්න එන්නම්කෝ..."

ටේගේ කම්මුලක් මිරිකලා හොබී එහෙම කියද්දි ටේව එක්කන් ගෙදර යන්න ලෑස්ති වෙලා හිටි ජිමිනි එතනට ආවා..

"අපි යන්නම් ජින්,හොබී හියුන්..ඔයාලා කරපු හැම උදව්වකටම මන් ණය ගැතියි"

"හයියෝ කොල්ලෝ...මොනවද මේ කියන්නේ.."

ජින් හෝබී දෙන්නා එයාලගේ අත් අල්ලන් ඉන්න ජිමිනිගේ අත් ආපිට අල්ලගන්න ගමන් හිනාවෙලා එහෙම කියද්දි වෙන සිහියක හිටි ටේටේ පියවි සිහියට ආවේ එයාගේ මී ඇස්වලට දෙයක් අහුවුන නිසයි.

"යාහ්..හියුන්..එයාගේ කම්මුල් අල්ලන්න එපා..ඒවා මගේ..😑"

ජිමිනිගේ කම්මුලේ රැදිලා තිබුන ජිනීගේ අත දිහා රවලා බැලුව ටේටේ කේන්තියෙන් කෑගහද්දි ජිමිනිගේ කම්මුලෙන් හාද්දක් තිබ්බ ජිනී ජිමිනිගේ කම්මුල් පිහින්න ලගට ආව ටේගේ කම්මුලෙනුත් හාද්දක් තිබ්බා..

Vmin ff collection 💗Donde viven las historias. Descúbrelo ahora