My boy....😚💖 (part 1)

45 9 4
                                    

"ත්‍රී...ටූ...වන්....හැපි නිව් ඉයර්...."

2024 අවුරුද්දේ ඇරබුමට එක හඩින් සුභ පැතුව අපි අයිෆල් ටවර් එක ලග ප්ලේ වුන සින්දුවලට අපේම ස්ටයිල් එකට ඩාන්ස් කලා...

මම කුකී ජින් හොබී හතර දෙනා වෙලාවකට කැපිච්ච පනුවෝ වගේ වෙලාවකට ආවේස වුන අය වගේ එක එක ස්වරූප පෙන්වමින් ඩාන්ස් කරද්දි වචනෙන් විස්තර කරන්න බැරි හුලගක් එක්ක මගේ ලගට ඇදුන කෙනෙක් මාව එයා ලගට ඇදලා ගද්දි කුරුලු පිහට්ටක් වගේ සැහැල්ලුවට එයා ලගට ඇදිලා ගිය මන් නතර වුනේ ඒ පපුවේ මූනත් වද්ද ගෙනයි...

ඒ වෙලාවේ someone you love ප්ලේ වෙවී තිබුන නිසා බහුතරයක් දෙනා කපල් ඩාන්ස් කල නිසා මාව ලගට ගත්තු කෙනත් මගේ ඉනවටේ අත පටලගෙන මගේ කනට පාත් වුනේ මන් තාමත් උන දේවල් තේරුන්ගන්න උත්සහා කරද්දී...

"බබා..ඔයා අහලා තීනවද love at first sight ගැන...ම්...ඔයා තමයි අද ඉදන් මගේ කොල්ලා පලමු සහ අවසන්...you are mine..."

මුල් ටික මගේ කනට මිමිනුව එයා මගේ අතින් අල්ලන් මාව ඈතට තල්ලු කරලා වටයක් කරකවලා මාව එයා ලගට ආයේ ඇදලා ගත්තේ මගේ පිට එයාගේ පපුවට හේත්තු වෙන විදිහටයි..

වටපිටාවේ තීන එක එක පාට ලයිට් එලි වලින් වගෙම සද්ද බද්ද එක්ක මේ සිදුවීමෙන් මන් අන්ද මන්ද වෙලා හිටියත් මට ඒ තුරුලෙන් අයින් වෙන්න නොහිතුන නිසා මන් එයා කියන දේවල් අහගෙන අනික් අය වගේ ඩාන්ස් කලා..

"අද ඉදන් මේ මොහොතේ ඉදන්..ඔයාට මාව ඕනීවෙන හැමවෙලාවකම මන් ඉන්නවා ඔයා ලගින්ම...මන් කවදාවත් ඉෂ්ට කරන්න බැරි පොරොන්දු දෙන්නේ නෑ..අයි ලව් යූ බේබී...."

සින්දුව ඉවර වෙන්න මිනිත්තු කීපයක් තියලා මගේ කනට එහෙම මිමිනුව එයා මගේ නලල කෙලවරකින් එයාගේ තොල් තදකරලා මාව තනිකරලා එතනින්ගියේ ආදරනීය හිනාවකින් පිරුන ඒ මූනත් මට පෙන්වලා..

ටික ටික මගෙන් ඈතට යන ඒ රූපේ දිහා බලන් හිටි මන් ඒ රූපේ නොපෙනී යනකොට තොල් අතර හිනාවක් රදවන් එයාගේ තොල් තද වුන මගේ නලල යන්තමින් අල්ලලා බැලුවා..

*හරියට මුහුදු රැල්ල වෙරල සිපගන්නවා වගේ...එකසැරේ එනවා ආයෙම යනවා.*

*ඒ උනාට යන්න කලින් එයාගේ ආදරේ පෙන්වලා සලකුනු කරනවා..මන් ආසයි..*

නමක් ගමක් නොදන්න මේ දැන් මුනගැහුන මනුස්සයෙක් එක්ක මන් සිතිවිලිවල අතරමං වෙද්දි එයාගේ වචන මගේ හදවතේ ගැඹුරුම තැන තදින්ම තැන්පත් වුනා...

--------------------------------------------------------------
Mochii_queen මේක ඔයාට අක්කි..🙃💖

Vmin ff collection 💗Where stories live. Discover now