Mr.park (part 2)

87 22 20
                                    

"ඔයා ස්කූල් එන්නේ මොකේද..."

"කාර් එකේ..."

"එතකොට යන්නේ..."

"වෙනදටනම් කාර් එකේ...අද බස් එකේ.."

"ඔහ්...ඔයා අදත් කාර් එකේම යන්න..."

"ඕනී නෑ...පුරුදු වෙන්නත් එක්ක බස් එකේ යමු..."

හොරෙන් මන් දිහාට බැල්මක් දාන ගමන් එහෙම කිව්ව ජිමින් ඉක්මනින් කාර් පාර්ක් එකට ගිහින් කාර් එක පිටත් කරලා ආයෙ මන් ලගට ආවා..

"ඔයාට බස් එකේ යන එක අමාරු වෙයි..."

"ඉතින් සර් යන්නේ..."

"මට බස් වල ගිහින් පුරුදුයි..."

"මාත් පුරුදු වෙන්නම්..."

"අනේ මන්දා..ඔයා ගිහින්ම බලන්නකෝ.."

වැස්සකටවත් ඩ්‍රාමා බලලා තීන ලමයෙක් නම් මන් කියන දේ තේරුන් ගනීයි කියලා හිතලා මන් එහෙම කිව්වත් ජිමින් දිගටම මන් එක්ක ආවා..

"මොන බස් එකේද නගින්නේ..."

"ඔයා කෙහෙටද යන්නේ..."

"සර්ගේ ගෙදර..."

"මන් ජෝක් එකට නෙමෙයි ඇහුවේ ජිමින්"

"මාත් ජෝක් එකට නෙමෙයි කිව්වේ සර්..."

ෆෝන් එක අතට ගන්න ගමන් එහෙම කිව්ව ජිමින් කා එක්කද බරටම චැට් කලේ ඕනි එකක් දෙකයි පනහයි කියලා හිතන් මන් යන බස් එක එනකල් බලන් ඉද්දියි...

විනාඩි කීපයක් යද්දි ලස්සන බයික් එකක් අපි ඉස්සරහා නතර කලේ මගේ ඇස් ඒ බයික් එකේ ආව ලස්සන කොල්ලා ලග නතර වෙද්දියි...

"ඔක්කොම නෝට් තියේද..."

"ඔව්...ඔක්කොම..ක්ලාස් එකේ බ්‍රයිටාගේ පොත් ටික..."

බයික් එකේ හිටි කොල්ලා එහෙම කියන ගමන් ජිමින් දිහාට කලු ස්කූල් බෑග් එකක් දික් කරද්දි මන් ජිමින් දිහා කුතුහලයෙන් බැලුවා..

"සර් බයික් වලට ආසනම් අපි මේකේ යමු.."

මගේ දිහාට අමුතු බැල්මක් දැම්ම ජිමින් එහෙම කියද්දි මන් ඔලුව දෙපැත්තට වැනුවා...

"මන් බයික්වලට ආස උනාට බයයි..."

ඇත්තටම බයික් වලට නෙමේ..වාහන වලට...

Vmin ff collection 💗Where stories live. Discover now