Mr.park (part 1)

112 22 29
                                    

මම කිම් ටේහියුන්...සෝල් නැෂනල් ස්කූල් එකට අලුතින් ආව ගුරුවරයෙක්..

මන් ආපු අලුතම වගේ ප්‍රින්සිපල් සර් මට ෆයිනල් ඉයර් ස්ටුඩන්ට්ලගේ ක්ලාස් එක භාර දුන්නා..

මන් ඕක ස්කූල් එකේ මියුසික් සර් වුන යුන්ගි එක්ක කිව්වම එයා කිව්වේ මාර කතාවක්..

"ආ...ශෝක් ශෝක්...ඕකනම් ඔයා මේ ස්කූල් එකට අලුතින් ආ නිසා දුන්න රැග් එකක්..."

"ඒ මොකද.."

"ඔය ක්ලාස් එකේ තමයි මිස්ටර් පාර්ක් ඉන්නේ.."

"මිස්ටර් පාර්ක්..!?"

"ඔව් ස්කූල් එකේ ඉන්න නසරානිම ලමයා.."

"ම්හ්.."

"ඔය ලමයා ඉන්න ක්ලාස් එක භාරගන්න කිසිම ගුරුවරයෙක් කැමති නෑ..ඒ ඔය මිස්ටර් පාර්ක්ගේ වැඩ නිසයි..."

"..."

"ඔය ලමයා ඉන්න පන්තිය හැමදාම මොකක් හරි ජරමරේකට අහුවෙනවා. ඊටපස්සේ මිස්ටර් පාර්ක් ඔෆිස් එක ඉස්සරහා දනගහන් ඉන්නවා.."

"ඇයි ඒ ලමයට මිස්ටර් පාර්ක් කියන්නේ.."

"එයාගේ ඔම්මයි අප්පයි ගොඩක් වැදගත් අය..මේ ලමයනම් එයාලගේ නම්බුව කන වැඩමයි කරන්නේ..කොල්ලා ලස්සන නිසයි වැදගත් පවුලක නිසයි තව මොන මොන හේතු කාරනා නිසයි මේ ලමයට හැමෝම කියන්නේ මිස්ටර් පාර්ක් කියලා..."

"ඒකත් එහෙමද..."

"ම්..ගුඩ් ලක්..හොදින් වැඩ ටික කරගන්න"

මට ලැබුන පන්තිය ගැන පුන්චි අදහසක් දුන්න යුන්ගි එයාගේ ක්ලාස් එකට යන්න ස්ටාෆ් රූම් එකෙන් පිටත් වෙනකොට මාත් මගෙ ක්ලාස් එකට පිටත් වුනා...

"ගුඩ්මෝර්නිම් ලමයි..මන් තමයි ඔයාලගේ අලුත් ක්ලාස් ටීචර්.."

"ගුඩ් මෝනිම් සර්..."

"හොදයි..අද මගේ පලවෙනි දවස නිසා මන් ආසයි ඔයාලව අදුන ගන්න..ඒක අපිට ඉදිරියට ඉගෙනීමේ කටයුතු කරනකොට පහසුවක් වේවී..."

මුලු පන්තිය පුරාම බැල්මක් දාන ගමන් එහෙම කිව්ව මන් මට අදාල තැනින් වාඩි ගෙන නාම ලේකනය අතට ගත්තා...

නම් එකින් එක මාර්ක් කරන ගමන් ක්ලාස් එකේ ලමයින් අදුන ගත්තු මන් පාර්ක් ජිමින් කියන නම කියද්දි මුලු පන්තියම නිශ්ශබ්ද වුනා...

Vmin ff collection 💗Where stories live. Discover now