"එහෙනම් ඔයයි අපේ ස්ටාෆ් එකට ආව අලුත් මෙම්බර්.."
"ඔව්.."
"ඉතින් ඔයාගේ නම මොකක්ද?"
"පාර්ක් ජිමින්.."
"අදුන ගන්න ලැබීම සතුටක් ජිමින්.මම ජින්,මේ හේසෝක්..මෙයා ඔයාට ඔයාගේ හොස්ටල් රූම් එක පෙන්නාවී.ඔයාගේ බඩු අස් කරන් ටිකක් රෙස්ට්කරලා හෙට ඉදන් වැඩ පටන්ගන්න.."
"ඕකේ dr.jin "
ඩිග්‍රි එකෙන් පස්සේ පලමු පත් වීම අරන් සෝල් නැෂනල් මෙන්ටල් හොස්පිට්ල් එකේ සේවය කරන්න ආව පාර්ක් ජිමින් හිතේ තීන කැලබීම මැඩපවත්ව ගන්න උත්සහා කරමින් ලා හිනාවක් එක්ක ජින් හේසෝක් දෙන්නා එක්ක එහෙම කතාකරලා එයාගේ හොස්ටල් රූම් එක බලා පිටත් වුනා.
පුන්චි කාලේ ඉදන් තිබුන හීනය හැබෑ කරන් මානසික වෛද්‍යවරයෙක් විදිහට ඩිග්‍රි එක ගත්තු ජිමින් එයාගේ මාස තුනේ පුහුනු කාලයෙන් පස්සේ මේ හොස්පිට්ල් එකට ආවේ බලාපොරොත්තු ගොන්නක් එක්කයි.
ඒ බලාපොරොත්තු එකින් එක ඉෂ්ට කර ගන්න තමන්ට ගොඩක් මහන්සි වෙන්න සිද්දවෙන බව දැනන් හිටි ජිමිනි ලැගේජ් එකේ බඩු රූම් එකේ පිලිවෙලට අහුරගෙන කූල් වොෂ් එක්කට පස්සේ ඇදට වැටුනේ සැප නින්දක් දාන්නයි..
"හූ හූ...ඔයාට මාව අල්ලන්න බෑනේ..."
පිටිපස්ස හැරිලා දිව දික් කරපු පුන්චි හුරුබුහුටි කොල්ලෙක් ඒම කියලා හිනාවෙද්දිම සැප නින්දක හිටිය ජිමිනි ගැස්සිලා ඇහැරුනා...
"ඔය හිනාව මට ගොඩක් මතක් වෙනවා බෙයාර්..."
සුසුමක් පාත දාන ගමන් එහෙම හිතුව ජිමිනි ඇදෙන් බැහැලා රූම් බැල්කනි එකට ආවේ හිත චුට්ටක් නිදහස් කරගන්නයි.
ඒත් දවල් කාලයේ හොස්ටල් එකට යාබද ග්‍රවුන්ඩ් එකේ තම තමන්ගේ ලෝකවල සැරිසරමින් විනෝදවෙන දුක්වෙන රෝගීන් නිසා ජිමිනිගේ හිත තව ටිකක් දුකින් බර උනා..
"මේ හැමෝවම හොද කරලා එයාලගේ ගෙවල් වලට ආයේ යවන්න පුලුවන් නම්.."
ජිමිනි ඒම හිතලා ඉවර වෙනවත් එක්කම හොස්පිට්ල් එකේ මහා කලබැගෑනීයක් වෙලා හොස්පිට්ල්එක සද්ද වලින් පිරෙන්න ගත්තා.