Chapter 15

48 8 6
                                    

වියෝනා ගේ ඇතුලට එනකොට ජිමින් හිටියේ වියෝනට පිටුපාලා වුණත් වියෝන ගේ හඬට එයා හැරිලා බැලුවා..

" තමුන් "

හිනා වෙලා ඇතුලට ආවත් වියෝනගේ මූණ  වෙනස් වුණේ ජිමින් ව දැකලා.. ජිමින් වෙනස් වෙලා එතනට ආවත් ඒ නිල් ඇස් නම් කවදාවත් වියෝනට අමතක කරන්න බෑ.. හැමදාම වගේ මතකෙට එන ඒ ඇස් කොහොමද එහෙම අමතක කරන්නේ..

" තමුන් ආයෙමත් මොකටද ආවේ.. ජන්ග්කුක් ඔයා.. "

වියෝනා කිව්වා.. ඇස් වලින් ආයෙමත් කදුළු වැටුණා එයාගේ.. ඇයි මල්ලි කියන දෙයක් අහන්නේ නැත්තේ..

නිල් ඇස් මන්තරකාරයා තමන්ගේ හදවත වෙනස් කරත් තමන්ගේ මල්ලි වෙනුවෙන් ඒ හැඟීම් වලලන්න වියෝනට පුළුවන්.. ඒ තරම් කැප කිරීම් වියෝනා කරත් ජන්ග්කුක් මේ වගේ හිතුවක්කාර වෙනකොට එයා කොහොමද ඒක දරා ගන්නේ..

" මා පිටත් වෙන්නම්.. නමුත් ඔබව දවසක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා.. ඔබ සත්‍ය දැන ගත යුතු යි.. "

ජිමින් හිස නමලා එතනින් පිටත් වෙන්න හැදුවත් වියෝනා එයාව නැවැත්තුවා..

" සත්‍ය මොකක් ද මම දැන් ගන්න ඕන ඇත්ත.. "

වියෝනා ජිමින්ට කෑ ගැහුවා.. මොනවාද මේ වෙන්නේ කියන්න එයාට වත් එතන හිටපු හොබීට වත් අදහසක් තිබ්බේ නෑ..

" මා මන්තරකරුවෙක් නොවේ.. එයයි සත්‍යය.. මා ඔබ හා සමාන මනුස්සයෙක්.. "

ජිමින් කියලා පිටත් වුණේ ටේහියුන් ට වත් ඇහුම් කන් දෙන්නේ නැතුව.. ඔව් එයාටත් පිලිගන්න වෙනවා වියෝනා ලඟින් ඒ දැනෙන වෙනස් හැඟීම ගැන.. ටේහියුන් කතා කරත් තමන්ගේ මනසින් ටේහියුන් ට යමක් කියපු ජිමින් එතනින් පිටත් වුණේ හැමෝම එයා දිහා බලාගෙන ඉන්නකොට..

" ජන්ග්කුක්.. එතකොට ටේහියුන්.. තමුනුත් එයාව දන්නවා වගේ.. "

වියෝනා සැරෙන් ඒ දෙන්නට කතා කරා..

" වීස්.. මම මේ "

" නෑ නූනා.. මමයි ටේහියුන් ට ජිමින් ගැන කිව්වේ.. "

ජන්ග්කුක් ටේහියුන් ට p2p පණිවිඩයක් දෙන ගමන් යමක් කිව්වා.. ජන්ග්කුක් කියපු දේ තේරුම් ගත්ත ටේහියුන් ඉක්මනින් ම ඔළුව වැනුවේ ඒ දේ පිලිගන්න වගේ..

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Feb 23 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

|| FOURTH WORLD WAR ||Tempat cerita menjadi hidup. Temukan sekarang