Chapter 14

50 8 8
                                    


ජිමින් මනුශ්‍ය වාසයට පය තිබ්බේ තරමක් සැකෙන්.. කලින් පාර එයා ආවම එයාගේ ඇදුම් පැළදුම් නිසා එයාට ගොඩක් කරදර වලට මූණ දෙන්න වුණා.. විශේෂයෙන් ම ජන්ග්කුක් ඇඩ්ලර් වගේ අයගෙන්..

ඒ කාලේ මිනිස්සු අදින් පලදින දේවල් ගැන වත් අනිත් අයගේ දේවල් ගැන වත් මිනිස්සු වැඩිය උනන්දු වුණේ නැති නිසා කොහොම හිටියත් කාටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ.. ඒත් හැබැයි ජන්ග්කුක් වගේ අයගෙන් නම් එහෙම ලේසියෙන් ගැලවෙන්න ටිකක් අමාරු වුණා..

ඔන්න ඔය නිසා තමයි ටේහියුන් එහෙමත් නැත්නම් ජිමින් කියන විදිහට නම් කපටි හිවලා ජිමින් ට මේ විදියට ඇදගෙන එලියට එන්න නොදුන්නේ..

" ආශ් මේ වස්ත්‍රය මහ කරදරයක්.. "

ජිමින් පෙනුමෙන් වෙනස් වුණත් කතා බහෙන් හැසිරීමෙන් නම් තවම ඒ විදිහමයි.. ඒක වෙනස් කරන්න නම් ටික කාලයක් යයි..

ජිමින් හෙමින් පාර දිගේ ඇවිදගෙන ගියා.. අද කවුරුවත් නෑනේ කරදර කරන්න.. කලින් සැරේ තමන්ගේ ශක්තියෙන් තමයි ජිමින් මේ මනුශ්‍ය වාසය ඇතුලේ සැරි සැරුවේ... ඒත් මේ පාර එයා තීරණය කරා සාමාන්‍ය විදියට ඉන්න..

" ඔහ් මෙය කුමක්ද.. "

ජිමින් පුදුමෙන් බැලුවා.. එයා ඉස්සර නවත්තලා තිබ්බේ ලොකු මගී යානාවක්.. ඒ මගී යානාවේ දොර ඇරෙන කොට ජිමින් කරේ එතන හිටපු අනිත් අය වගේ ම ඒක ඇතුලට ගියපු එක..

" හෙලෝ සර්.. යූ ශුඩ් ඩූ පේමන්ට් ෆස්ට්.. දෙන් යූ කැන් එන්ජෝයි යුවර් ජර්නරි.. "

මගී යානාව ඇතුලේ හිටපු රොබෝ කියන කොට ජිමින් කරේ කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහේ බලන් හිටපු එක.. එයාට නම් ඒ භාශාව තේරුනේ නෑ..

" මට වැටහෙන්නේ නෑ ඔබ පවසන දෙය.. "

රොබෝවරෙයක් වුණත් පෙනුම සම්පූර්ණයෙන්ම මනුස්සයෙක් වගේ වුණ නිසා ජිමින් හිතුවේ ඒ ඉන්නේ මනුස්සයෙක් කියලා..

" මහත්මයා.. මුලින්ම ඔබේ ගාස්තුව ගෙවන්න.. ඔබට පුළුවන් ඊට පස්සේ ගමනේ විනෝද වන්න.. "

තමන්ට තේරුන භාශාවෙන් කිව්වත් ජිමින්ට අදහසක් තිබ්බේ නෑ මේ කිසිම දෙයක් ගැන..

|| FOURTH WORLD WAR ||Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα