Chapter 3

98 17 28
                                    


මේ ගෙවෙන්නේ සීත සෘතුව නිසා හැම තැනම වගේ, ඒ කියන්නේ මේ සීතල හිමෙන් වැහෙන හැම තැනක්ම නිල් මිශ්‍ර සුදු පැහැයෙන් දිස් වුණා..

ඒත් එක තැනක් සීත සෘතුවක තියා ලෝකයේ වෙනස් වන අනෙක් සෘතු වලදී වත් වෙනස්කමක් පෙන්නුවේ නෑ.. ඒ තැන හැම දාම හැම මොහොතකම වෙලිලා තිබුණේ අදුරෙන්..

ඒ පෘථිවියේ අදුරු රාජධානිය.. විශ්වයේ සියලු අදුරු මායාවන් වලින් එකතු වෙලා මෙතන නිර්මාණය වෙලා තිබුණා..

අපි ආලෝකය දකින්නේ ආලෝකය හදුන ගන්නෙ අදුර ඒ වටේ තියෙන නිසා.. ඒ නිසයි අදුර ලෝකයේ තියෙන්නේ..

අදුරු මායාවන් ලෝකයේ පැතිරෙන්නේ ඒ විදිහට.. මනසින් උසස් වූ මිනිසා යහපත් සිතුවිලි, යහපත් දේ හදුනා ගන්නේ ඔහු වටා අදුර තියෙන කොට.. ඒ නිසා පිලිගන්න අකමැති වුණත් අදුරු මායාවන් ලෝකයට ඕන..

එහෙමයි කියලා අදුරු මායාවන් ට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න බෑ... මිනිසුන් ගේ සිතුවිලි වල බලපෑම මත අදුරු මායාවන් ගේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා..

ඉතින් ඒ නිසා තමයි මේ අදුරු මායාවන් පාලනය කරන්න පාලකයෙක් විශ්වය විසින් පෘතිවි තලයට එව්වේ..

ඔහු නමින් මින් යුන්ගි.. අදුරු මායාවන් ගේ පාලකයා..

සීතල හිමේ වුණත් ඒ පරිසරයේ ඇති අදුර නිසා ඕනෑම කෙනෙක් ගේ හදවත මොහොතකට වුනත් සසල වෙනවා කියන දේ පිලිගන්න ඕන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සීතල හිමේ වුණත් ඒ පරිසරයේ ඇති අදුර නිසා ඕනෑම කෙනෙක් ගේ හදවත මොහොතකට වුනත් සසල වෙනවා කියන දේ පිලිගන්න ඕන..

මින් යුන්ගි, සීතල පෞරුෂයක් හිමි නමුත් යහපත් හදවතක් ඇති කෙනෙක්.. කිසිම වෙලාවක තමන් ගේ හැඟීම් පිටට පෙන්වන්නේ නැති හින්දා ඔහු තුලින් දිස් වුණේ භයානක බවක්...

|| FOURTH WORLD WAR ||Where stories live. Discover now