Chapter 12

46 10 25
                                    


එදා සිද්ධියෙන් පස්සෙ අද හරියටම සතියක් ගෙවිලා තිබුණා.. ජන්ග්කුක් වියෝනා අතරේ ආය කිසිම රණ්ඩුවක් ඇති වුණේ නෑ.. මොකද ජිමින් ආයෙමත් මනුෂ්‍ය වාසය පැත්තට ආවේ නෑ..

" නූනා.. හරි අප්. අපි යන්න ඕන.."

ජන්ග්කුක් පහත ඉදන් කෑ ගැහුවේ වියෝනා කාමරේට වෙලා එයාගේ කොණ්ඩේ පීරනකොට..

" ඉන්නකෝ ටූටී.. මං එන්නම්.. "

ආයෙමත් වතාවක් ජන්ග්කුක් ට කියපු වියෝනා කොණ්ඩේ පීරන්න පටන් ගත්තා.. ජන්ග්කුක් ටත් බැන බැන ම එයා කොණ්ඩේ පීරුවේ ඉක්මනින් එතනට ගියේ නැත්නම් එයාගේ මල්ලි බබා එතන තව ටිකකින් උඩ පනින්න ගන්න නිසා..

" ඇත්තටම නෝවා.. ඇයි බන් කෙල්ලෝ මෙච්චර වෙලා ගන්නේ.. "

ජන්ග්කුක් හැමදාම අහන ප්‍රශ්නය ආයෙමත් ඇහුවා.. ඇත්තටම පේන්න ඇස් දෙකක් තිබ්බා නම් නෝවා ඇස් කරකවන හැටි අපිටත් බලන්න තිබ්බා..

" සර් ඒ ගර්ලා ගේ දේවල්.. ඔයා වොරි නොවී ඉන්න.. ඉක්මනින් මිස් එයි.. "

නෝවා කියන කොට ජන්ග්කුක් ගස්සලා අහක බැලුවේ ' පුහ් මේකගේ ලොකුකම ' කියලා බනින ගමන්.. කෘත්‍රීම බුද්ධි ජාලයක් කියලා නෝවා එහෙම ලේසියෙන් සැලෙනවද..

නැත මිතුරනි.. එයා ඒ විදිහට ඉන්නේ ජන්ග්කුක් ගේ අඩත්තේට්ටම් වලට ලක් වෙන්න බැරි නිසා..

" ආහ් අපි යමු.. "

වියෝනා ආවම එයත් එක්ක එලියට ආව ජන්ග්කුක් එයාලගේ ෆ්ලයින් කා එකට ගොඩ වුණා.. ඇතුලෙන් වාඩි වුණා ම ඒ ඔටෝමේශන් වාහනය ඉක්මනින් ජන්ග්කුක් වියෝනට අනුව ඒක ඇතුලේ ඉඩකඩ හදා ගත්තා..

ජන්ග්කුක් යන්න ඕන තැන ගැන මැප් එකේ සලකුණු කරාම ඒ වාහනය එතනින් පිටත් වුණා.. වියෝනා ලඟ තිබ්බ වීදුරු තිරයට තමන්ගේ කාර්යාල වාර්තා කීපයක් දාගෙන බැලුවා..

ජන්ග්කුක් නෝවගේ ඊලඟ අප්ඩේට් එක ගැන පොඩි ටෙස්ට් වගයක් කරා..

" සර් ජන්ග්කුක්.. වී ආර් ඉන් ඉන්ඩ් ඔෆ් ද ජර්නරි.. "

එයාලා හිටියේ ලොකුම ලොකු තියටර් එකක් ලඟ.. වාහනයෙන් බැස්ස එයාලා ගාවට ෆ්ලයින් බෝඩ් කීපයක් ආවත් ඒ දෙන්නා එක්ක ම පයින් ඇතුලට ගියේ තමන්ගේ ශරීර සෞඛ්‍යයට ඒක හොඳ නිසා.. ඇරත් වටපිට බල බල යන්න ඒ දෙන්නා කැමති වුණා..

|| FOURTH WORLD WAR ||Where stories live. Discover now