Chapter 11

48 12 28
                                    


" ආහ් ජිමෙන්සේ.. "

ටේහියුන් දඟකාර හිනාවකුත් එක්කම ජිමින් දිහාවට හැරෙන කොට භාවනා යෝගී ව හිටපු ජිමින් ලොකු හුස්මක් පහත දැම්මා.. මේ ටේහියුන් එක්ක කිසිම දෙයක් බෑනේ ..

" ඔබ මෙතනින් පිට වෙන්න.. විශාල කරදරයක් ඔබ නම්.. "

ජිමින් කියනකොට එතනින් නැගිට්ට ටේහියුන් දෙපැත්තට ඇවිද්දා.. ජිමින් කරේ ටේහියුන් දිහා බලාගෙන හිටපු එක.. උදෙන්ම එයාගේ මන්දිරයෙන් පිටත් වුණ  ටේහියුන් ආපහු ජිමින් එන්න කලින් මන්දිරය ට ආවා..

" මං වියෝනට හැබැයි පොරොන්දු වුනා ඔයාට තණකොළ ගලවන්න දෙනවා කියලා.. "

එකපාරටම ටේහියුන් කියන කොට ජිමින් ගැස්සිලා ගියා.. ඒ වෙනස ටේහියුන් පෙනුනේ නෑ.. එයා හිටියේ වෙන කතාවක..

" වියෝනා.. ඔයා කොහොමද එයාව අදුරන්නේ.. "

" අපි යාළුවෝ.. ඔයා එයාව දන්නවද.. "

ටේහියුන් ඇස් කටේ දාගෙන ඇහුවේ ඒක කොහොමත් විශ්වාස කරන්න අමාරු නිසා.. ජිමින් මනුස්ස ලෝකේ මිනිස්සු දන්නවා කියන්නේ ඒක ඇත්තටම වෙන්න බැරි දෙයක්...

ඒකත් මේ එයාට අද හම්බවුන මල්ලිට බැනපු ගර්ල්..

ටේහියුන් කියන්නේ ඇත්තටම සත්ත්ව ලෝකයේ පාලකයා වෙන්න පුළුවන්.. ඒත් එයා හොඳම ඇක්ටර් කෙනෙක්.. ජිමින් පවා ගොඩක් වෙලාවට ටේහියුන් ව විශ්වාස කරන්නේ නැත්තේ ඔය ටේහියුන් ඇක්ටින් නිසා තමයි..

" මම ඔව් මේ මම ඇයව අදුරනවා.. ඇය ජන්ග්කුක් ගේ සහෝදරිය.. "

ජිමින් කියන කොට ටේහියුන් දෙවනි පාරටත් ඇස් ලොකු කරගත්තා..

" ඔයා කියන්නේ අපේ යකඩ කොලුවගේ අක්කා කියලද.. "

ටේහියුන් දුන්න උපදෙස් එක්ක ඇත්තටම ජන්ග්කුක් ගැන සාධාරණ බයක් දැනුණා.. හැබැයි එයා හිත හදාගත්තා ජන්ග්කුක් කියන්නේ මනුස්සයෙක් නොවන නිසා..

" ඇත්තටම ඔහු කොහොමද අර්ධ ලෝහ අර්ධ මිනිස් වුණේ.. "

" එයා cyborg කෙනෙක් නිසා.. ඔයා කොහෙද ඒවා දන්නේ.. "

එතනින් පස්සේ වුණේ ටේහියුන්ට ජන්ග්කුක් ගැන වගේ ම අලුත් තාක්ෂණය ගැන ජිමින් ට ලොකු දේශනයක් දෙන්න..

|| FOURTH WORLD WAR ||Tahanan ng mga kuwento. Tumuklas ngayon