Chapter 9

59 13 12
                                    


ටේහියුන් වගේ ම එතන හිටපු අනිත් හැමෝම ගැස්සිලා බැලුවේ තමන්ගේ ඉස්සරහින් ඉන්න කෙනා දිහා..

සර්ව සම්පූර්ණ කාන්තා ලාලිත්‍යයෙන් මෙන්ම ඒත් එක්කම එකතු වුණ අනිත් හැම දෙයක්ම නිසා ඇය බොහොම සුන්දරව පෙනුනා.. මී පැණි පාට හම, තද කළු පැහැති දිග රැලි කොණ්ඩය, නිල් කොල මිශ්‍ර ඇස් නිසා ඇය තවත් සුන්දර ව පෙනුනා..

ඇයයි මේ පෘථිවියේ මාතාව.. මේ පෘථිවියේ තියෙන හැම ජීවයක් ම අයිති ඇයට.. හැම ජීවියෙක්ගෙම මව ඇය..

ඒ ගේයා දේවතාවිය..

" දේවතාවියනි.. "

හැමෝම ඇය ඉදිරියේ දණ නැවුවා.. ගේයා හැමෝම දිහා බැලුවේ තමන්ගේ කරුණාබර ඇසින්..

" නැගිටින්න දරුවනි.. "

ඇයගේ ප්‍රතාපවත් හඬින් ඇය කියන කොට සියලු දෙනා ම නැගිට්ටලා ආයෙමත් ආචාර කරා..

" දේවතාවියනි.. ඔබ හදිසියේම.. "

" ඔබ සියලු දෙනා ම පසු වන්නේ ගැටලුවකින් නේද.. එය එසේ නොවේද.. "

ඇය ටේහියුන් පෙන්වපු තැනින් වාඩි වුණා.. හැමෝම ඔළුව වැනුවේ ඇය කියපු දේ ඇත්තක් කියලා පිලිගන්න ඕන නිසා.. ඇය නැවතත් මෘදුව සිනා සුණා..

ඇය තරම් පෘතුවිය ගැන දන්න කෙනෙක් මේ විශ්වයේ නැහැ.. මොකද ඇයයි මේ හැමදේකම නිමැවුම්කරු.. කවුරු නොපිලිගත්තත් ඒක තමයි ඇත්ත..

" ඉතින් ඔබතුමී මෙයට කුමක් ද කරන්නේ "

ටේහියුන් ගේ යටතේ ඉන්න පාලකයෙක් ඇහුනේ ඒ වෙලාවේ හැමෝටම අහන්න ඕන වුණ ප්‍රශ්නයක්..

" මනුෂ්‍යයන් මගේ දරුවන්.. ඔවුන් ඒ ආකාරයට විනාශ කරන්න මට බැහැ.. "

ගේයා හොද හුස්මක් ගත්තා.. මුළු වා තලයම නැවුම් සිසිලසින් පිරුණේ ගේයා මේ මොහොතේ සන්සුන් කියලා ඔප්පු කරන ගමන්..

" බලන්න ඒත් දේවතාවියනි ඔවුන් මේ පෘථිවි තලයට කරන දේ.. "

තවත් වෘක මිනිහෙක් එතනින් නැගිටලා කිව්වේ ජින් ඔළුව වනලා ඒක අනුමත කරන කොට.. ජින් මමත්වය තරමක් ගැඹුරින් විශ්වාස කරන කෙනෙක්.. ඉතින් එයා හැම වෙලාවෙම වගේ තමන්ට මුල් තැන දුන්නා කෙනෙක්.. ඉතින් මේ කාරණාවෙදිත් ජින් ඒ දිහා බැලුවේ ඒ විදිහට..

|| FOURTH WORLD WAR ||Where stories live. Discover now