"අනේ තා තිකක් ඉමුකෝ අම්මී "

"තව ඉන්න බෑනේ මැණිකෙ අම්මි office  යන්නහ්හ්හ්...මොකක් "

ඇත්තමයි එවෙලෙ නම් මාව පුපුරන්න ඔන්න මෙන්න හැගීමක් දැනුනේ   . ඇගේ හිරිගඩු ඔක්කොම ටික එක මොහොතකට පිපිලා පරවෙලා ගියා .

"ම්..මොකද්ද මැණිකෙ කිව්වෙ.."

"තා තිකක් දෝ ගමු කීලා "

"නෑ ඊට.ඊට පස්සෙ මට මොකක් කියලද කිව්වෙ  "

"අම්මි කීලා අනෙ "

මන් ඇහි පිල්ලම් දෙකක් තුනක් ගහලා හරි සිහියට එන්න හදනකොට

මගේ ඉණ වටේ පැටලිලා තිබුන අත තව ටිකක් තද උනා වගේම මාව පපුවට හේත්තු කරගෙන නින්දේ හිටියය මන්ධීර් ඔලුව උස්සලා නලලත් කම්මුලත් අතර එයා අර ඉදලා හිටලා දෙන හාදුව තැවරුවා .

"good morning  අම්මිගෙ මැණිකේ "

ඊට පස්සෙ එයා චූටි එකීගෙ නලලටත් මගේ ඇග උඩින්ම නැවිලා හාද්දක් දෙනකොට මන් හිටියේ උතුර දකුණ මාරු වෙලා .

"කව්ද ඔයාට ඕක ඉගැන්නුවේ .. " මන් කෙල්ලගෙන් ඇහුවා .

"අරිත අයියා අනේ .." කව්ද යකෝ අරිත .අම්මට සිරි අපෙ මාමා හරිත නේද .

යකෝ මටත් මාමා  කොහොමත මේ කුරුම්බැටියට අයියා උනේ .

"අයියා .. ??" මන් ඇහුවේ ඇස් දෙක නලල්ලෙ තියාගෙන ..

"ඕ..එයා කිව්වා එයාට අයියා කියන්න කියලා . ඔයාට අම්මි කියන්න කිව්වා "

මන් ඇහීල්ලම් දෙක තුනක් ගැහුවා ..

"ඒක ඔයාට ලස්සනයි " මන්ධීර්මගේ අතේ පිටි අල්ලට හාදුවක් දීලා කියනකොට මන් ඒ දිහා බැලුවා .

අර මුද්ද .. හැමදාම ... උදේ හවස දෙන්නෙ මට නම් ඇයි තාමත් නොදුන්නෙ කියලා දකින වාරයක් ගානෙ මන් මගෙන් ම අහපු මුද්ද අද මගේ අනිත් මුදු දෙකට උඩින්  .

"මන්ධීර් මොකද්ද මේ .. මට මේ මොකුත් තේරෙන්නෙ නෑ .. "

එයා හිනා වෙලා එයාගෙ දිහාවට හැරිලා හිටපු මගෙ තොල් වලට පෙක් එකක් තිබ්බා .

"තව චුට්ට වෙලාවකින් ඔයාටම තේරෙයි "

මට තව ඉවසන්න බෑ කියන්න කට ඇරියත් ඇහිච්ච සද්දෙත් එක්කලා මගෙ කටත් ඇරිලා ඇස් දෙක එලියට පනින්න ආවා ..

ඒක දිග කතාවක් Where stories live. Discover now