ටේ බල් එකකට හේත්තුව දාගෙන ඉන්න ලොකු අයියගෙ ඇගට සුදු අයියා හෙත්තු වෙලා ඉන්නකොට එයාගෙ ඉනවටේ අත් දෙක ඔතාගෙන උරහිසෙන් නිකට තියාගෙන ලොකු අයියා මොනාද කියවනවා . ඒ දෙන්නම බලන් උන්නෙ නෙතාන්‍යාව වඩාගෙන හුරතල් කර කර ඉන්න චූටි අයියා දිහා .

කිරි අප්පට බල්ලො බුරපි ලොක්කා සුද්දගෙ කට කොනකට පෙක් එකක් තිබ්බනේ ..

"මොකද බන් "

මන් ගාව උන්න මගෙ මනුස්පයා ඇහුවා .

"නෑ මේ ලොකුයි සුදුයි "

"ඉතින් "

"මන් හිතන් හිටියෙ සුදුයි චූටි අයියයි සෙට් කියලා "

"ඔව් "

"එතකොට ඇයි අර දෙන්නා අරම " මන් මන්දීර්ට අර ඩබලව පෙන්නලා ඇහුවා .

" ඒ දෙන්නත් සෙට් නිසා "

"මොන ඇටයක් ද යකෝ .. හරියට එකක් කියපන්කො මිනිහො "

මන් අරුන්දගෙ ඇගට කඩන් පැන්නා ඇයි යකෝ . අරුත් සෙට් ලු මූත් සෙට් ලු හැව් හැව් චමා .

"එයාලා ත්‍රිපලක් "

එයා කිව්වම මන් බැලුවෙ ඇස් ලොකු කරගෙන .

"ත්‍රිපලක් ? "

"ඇයි අවුල්ද "

"අවුල් අවුල් නෙවේ පවුල් . ත්‍රිපල් ?? ඈ යකෝ මන් විතරද ඕක දන්නෙ නැත්තේ "

මන් එයාගෙ ඇගට ගොඩ වුණා .

"අම්මට සිරි රන් ..ඔයා දැනගෙන හිටියෙ නැද්ද මෙච්චර කල් "

"දැනගෙන හිටියෙ නැද්ද ?? දැනගෙන හිටියේ නැද්ද කියන්නෙ කවුරුත් මට කියන්න එපැයි දැන ගනන් "

අහන ලස්සන විතරක් දැනගෙන හිටියේ නැද්ද   .

තව ඩිංගෙන් මට හාට් ඇටෑක් හැදෙනවා මුන් තුන් දෙනා දෙන්නා දෙන්නා තැන් තැන් වල උකුලු මුකුලු කර කර ඉන්නවා දැකලා .

"මේ එක්කො අපිත් තව එක්කෙනෙක් හොයා ගමුද ඒයි "

මන් අහනකොට මරන් කන විදිහේ බැල්මක් එයා මට දුන්නේ ..

"හරි හරි අනේ .. විහිලුවක් කරේ විහිලු තේරෙන්නෙ නැද්ද ඔයාට "

.
.
.
.

ඒක දිග කතාවක් Where stories live. Discover now