"ඔව් "

"අප්පච්චි වගේ මයි මුරණ්ඩු කම " ආත්තම්මා මුමුණනවා ඇහුනා ත් මන් බලන් හිටියේ සීයා පපා දිහා .

"හරි ඔයාට කැමති දෙයක් කරන්න . "

"ඒත් මිස්ටර්.." අත්තම්මා මොනා හරි කියන්න ගියත් සීයා පපා එයාව අතක් උස්සලා නතර කරා .

"එයා කරන්නෙ තමුන්ගෙ පුතා කරපු දෙ මිසිස් විතානාරච්චි . ඒකට අපිට දොස් කියන්න බෑ . අනික ඇත්ත කතාව . අවුරුදු විසි ගානකටම හොයන්නෙ බලන්නෙ නැතුව දැන් හදිස්සියෙම උස්සගෙන ඇවිත් දේපලයි පරම්පරාවකුයි බදාගන්න කියන එක මහ ලැජ්ජා නැති වැඩක් "

කියවගෙන ආපු සීයා පපා ටිකකක්ට නතර උනා .

"අපිට මේවා ගැන මීට කලින් හිතන්න තිබුනා . දැන් පරක්කු වැඩි . කොල්ලට පාඩුවෙ ඉන්න දුන්නොත් හොදයි . තමුන්ගෙ බලපුලුවම් කාර කන් පෙන්නන්න ගිහින් මට මගෙ දුව නැති කරා වගේ වගේ මගේ මුණුබුරෝ දෙන්නවත් නැති කරන්නෙ නැතුව . "

සීයා පපා තර්ජනයක් නොවන තර්ජනයක් කලාදෝ මන්දා ආත්තම්මට . මෙතනත් සීතල යුද්දේ .

"එතකොට තමුන් . තමුන්‍ට කැමති නම් කම්පැනි එකේම ජොබ් එකක් කරන්න පුලුවන්.."

"ඕනේ නෑ .."

"හොදයි ..

.
.
.
.

"මොනා උනත් උබලගෙ සීයා පපා නම් පොඩ්ඩක් පොඩ්ඩක් උබට ලව් වගේ නේ " වාහනේ ඩ්‍රයිව් කරන ගමන් මා දිහා බලලා කිව්වා .

"හ්ම් මේක මෙහෙම ඉවර වෙච්චඑක ලොකු දෙයක්.. ඒත් මොකක් හරි ලොකු කතාවක් තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද  මෙතන .."

මන් මන්ධීර් ගෙන් ඇහුවා . ඇයි ඉතින් පවුල් දෙක තරහා කාරයො . ඒ උනාට අද සීයා පපා කියපු දේ ආත්තම්මා පිලිගත්තා කියන එක . අනික ඔය දේසපාලනේ කරන උන්ව විස්වාස කරන්න බෑ සත පහකට .

"ම්ම් උඹ දන්නවද උබලගෙ සීයගෙ ex කෙනෙක්ලු ආත්තම්මා "

"මොකක් !!" මට කෑ ගැස්සුනා .මොන මගුලක් ද .

"ම්ම් ..මාත් හරියටම දන්නේ නෑ .. ඒ කාලේ හරිතයා තමා කිව්වෙ . අත්තම්මගෙ ෆැමිලි එකේ අය කුල මල සීන් එක හෙනට බලලා කොහොම හරි ඒ සම්බන්දෙ කැඩිලා . පස්සෙ කාලෙක උබලගෙ අප්පච්චි යි අම්මයි සෙට් වෙලා ඒක දැන ගත්තම ආත්තම්මා හෙනට බාල්දි දැම්මලු   . එකක් අර කුල සීන් එක අනික ඉතින් කව්ද බන් තමන්ගෙ ex ගෙ ලමයට , පුතාව දෙන්න කැමති වෙන්නෙ .  සෑහෙන්න බලපෑම් කරලා . උබලගෙ අප්පච්චි බදින්නත් කලින් තමයි  උඹව හදලා තියෙන්නෙ. ඊට පස්සෙ අම්මවයි උබවයි අරගෙන ගියාලු අප්පච්චි ගෙ තනි කැමත්තට පවුලෙන් අයින් වෙලා "

ඒක දිග කතාවක් Where stories live. Discover now