අපි දෙන්නව විලා එකෙන් බස්සලා අන්තිමට ඒ කට්ටිය කොහෙදෝ යන්න ගියා .
දවස් තුනක් තියෙනවාය ඇති තරම් විනෝද වෙන්නය . දවස් තුන මදියි වගේ නම් සතියක් උනත් උන්නට කමක් නෑ ය.. මේ හැම දේම එයාලා ගානෙය ..

හම්මෝ නිකන් වැස්සක් වැහැලා පෑව්වා වගෙ.

විලා එක හදලා තිබ්බෙ තනිකර වුඩ්න් තීම් එක්ට . පහල තට්ටුවේ ඔපන් කිචන් එකයි ලිවින් ඒරියා එකයි වෙනකොට උඩ තට්ටුවේ තිබ්බෙ තනි කාමරයයි බාතෲම් එකයි . කාමරේ මූද පැත්තේ ග්ලාස් වෝල් එක වගේම බැල්කනි එක  තියෙනකොට සුදුපාට ඇද ඇතිරිලි වලින් හැඩ වෙච්ච ඇද මූද පැත්තට මූණලා තිබුනා .

බැල්කනි එකේ පැද්දෙන ලී පුටු දෙකක් එක්ක පොඩි කොෆී ටේබල් එකක් තිබුනා වගේම වහලෙන් පහලට වටේම පොඩි පොඩි කහපාට බල්බ් එල්ලිලා තිබුනා  .

බැල් කනි එකට ගව්ගානක් දුරට අයනකන්ම පෙනුනේ  වෙරලත් මහ මුහුදමත් විතරක් වෙනකොට අහසයි මිහුදයි එකතු වෙලා ලස්සන සජීවි චිත්‍රයක් මවලා තිබුනා  .

මද්ධනේ වෙරල පුරා කාෂ්ටක අව්ව වෙනකොට කතා බහක් නැතුවම දවල් කෑමට රෙස්ටුරන්ට් එකකට ගියේ මන්ධීර්ගේ යෝජනාවකට .

වැහි වලාකුලු එක දෙක අහසේ කල්ලි ගැහෙනකොට අපි දෙන්නා හිමීට හිමීට අපේ දවල් කෑම වේල වෙච්ච සී ෆුඩ් රයිස් එක රස වින්දා .

අපූරු හනිමූන් කපල් එක . බුම්මට්ටො දෙන්නා .

අව්වක් තිබුනද කියලා හොයන්නත් නැති වෙනකොට දාගෙන හිටපු බාටා දෙක ගලවලා අතට අරගෙන රැල්ල ඇවිත් නිරුවත් යටි පතුල් තෙත් කරනකොට අපි දෙන්නා ඇගේ ගෑවි නොගෑවී හිමීට හිමිට ආයෙමත් වෙරල දිගේ අපේ නවා තැනට ගෑටුවා .

අහස මහා යුද්දෙකට ලෑස්ති වෙනකොට ගානක් නැති අපි දෙන්නා ඇත්තටම කරේ ගාටපු එක .

ඇත්තටම මන් හිතුවේ කලු කරාට වහින එකක් නෑ කියලා උනත් එක පාරටම දඩ සයිස් වතුර බිංදු වැටෙන්න පටන් ගත්තා .

මගෙ එහා පැත්තෙ න් ඇවිදගෙන ගියපු මන්ධීර් ඒත් එක්කම මගේ අතකින් ඇදගෙන වැස්සෙම දුවන්න පටන් ගත්තා .

ඒක දිග කතාවක් Where stories live. Discover now