21.

49 7 2
                                    

Flashback end
මතක එක එක ඔළුවට එද්දී මං කළේ හිනාවෙන එක. ඒක වේදනාකාරී හිනාවක්. අඩන්න බැරි නිසා වෙන දෙයක්. මං ලඟ අඬන්න තරම් තව කඳුලු ඉතුරු වෙලා තිබ්බේ නෑ. අතේ තිබ්බ බ්ලේඩ් තලෙන් ආයෙත් ඇඟ කපාගන්න ගත්තේ තියෙන තුවාල පෑරිලා ලේ විසික් වෙනවා  පේද්දී. මං හොඳටම දන්නවා. උදේට සිහිය ආවම මේ කරන දේවල් ගැන පසු තැවෙනවා කියලා. ඒත් මේ වේලාවට මගේ හිත ඉලන්නෙම තවත් වේදනාවක්. හිත ඇතුලේ ඇවිලෙන ගින්න නිවන්න පුලුවන් වේදනාවක්. ඒත් මොනදේ කළත් ඒ වේදනාව නවත්ත බෑ.

ඔයා ගිය දවසේ ඉඳන් මං ගැන හොයන්න බලන්න කෙනෙක් නෑ. හයියෙන් කෑ ගහන්න ඕන හැමවෙලේම මට හිනා වෙන්න වෙලා. මං ඉන්නෙ හොඳින් නේද, මං කෑව ද කියලා බලන්න කවුරුත්ම නෑ. එ්කත් හරිනේ මං අනිත් අයගේ ජීවිතේ එක චරිතයක් විතරයි. ඇයි ඉතින් එයාලා මං ගැන හිතන්නේ. එයාලට ඉන්නවනේ එයාලගේ ජිවිතවල හොයන්න කෙනෙක්. හරියට මට ඔයා හිටියා වගේ ඇස් ටික ටික පිය වෙද්දී මගේ බඩෙන් එන වේදනාව වැඩී වෙන්න ගත්තා. මං දන්නවා මොන දේ වුණත් අපේ ගෙදරට මේවා අහුවෙන් නෑ කියලා. ඒ හින්දාම අර සීතල පොළොව උඩ ඇස් දෙක පියා ගත්තේ හීනෙන් හරි මට ඔයා ලඟ ඉන්න පුළුවන් වෙන්න කියලා හිතන ගමන්

ඇයWhere stories live. Discover now