11.

53 10 0
                                    

"යුවී මට කියපන් ඇයි උඹ මෙහෙම උනේ කියලා. මනෝශ් දන්නේ නෑ කියන්නෙ මේක ලොකු දෙයක්නෙ. "
"අනේ බං රශ් අයියේ ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්නවාද ප්ලීස්" මන් කොහොම උත්තර දෙන්න ද අහන දේවල්වලට රශ් මොනා උනත් කාටවත් කියන්නෙ නෑ. හ්ම්ම් වෙලාව 7.10 දැන් ගියා නම් හරි.
"රශ් මන් යනවා බිල් එක ගෙවුවා මන්"
"හරි යුවී පරිස්සමින්"
ඊට පස්සේ මන් ආවේ ක්ලාස් එක ලඟට තාම interval එක දීලා නෑ වගේ.
එක්කෝ ගෙදර යන්න හිතෙනවා. නෑ මට එයාව බලන්න ඕනෙ. ම්ම්.. ඉවරයි වගේ. යන්කෝ උඩට. අම්මෝ අර ඉන්නෙ මගේ කෙල්ල. මගේ ඔයා තාම මගේ ද ?
"අහ් උඹ ආව ද"
" ඔව් ආවා තමා"
එහෙමම මන් ගිහින් එයා ලඟ වාඩි උනා.
"මොකෝ ආවේ එන්නෙ නැතුව ඉන්න තිබ්බේ" එයා අහුවේ එහෙම. මාව ඕනෙ උනේ නැද්ද, ඉස්සර වගේ මන් නැති වුනාම පාළු නැද්ද, මට උනේ මොනාද කියලා හිත හෙව්වේ නැද්ද, මට ඒ හැමදේම අහන්න හිතුණා. ඒත් නෑ කොච්චර ඇහුවත් ඔයා ලඟ උත්තර නැති වෙයි.
" මට එන්න ඕනෙ උන් නෑ. කොහෙද මේ හිත එක්ක බෑනෙ. "
" හොද වැඩේ " ඇයි ඔයා එහෙම කිව්වේ වෙනදාට හැමදේම හොයන ඔයාට දැන් වැඩක් නැද්ද මගෙන්. කමක් නෑ. මට තව ඉන්න පුළුවන්.

ඇයWhere stories live. Discover now