17.

58 8 2
                                    

එයාගෙ වචන කනේ දෝන්කාර දෙද්දී මාගේ කම්මුල දිගේ වතුර ගලනවා වගේ දැනුනා. ඔව් ඒ කඳුලු කවදාවත් ඔයා හින්දා වැටෙනේ නෑ කියලා හිතුව කඳුලු. හිතේ පැත්තක් හොදටම රිදෙද්දී
මන් කළේ කඳුලු තද කරන් ඉන්න හදපු එක.

තවත් එක දවසක් මං හිටියේ ඔයා දිහා බලන්. ඔයා හිනා වෙනවා. ඔව් මට ඒක පේනවා. ඒත් ඔයාගේ ඇස් ඒවා මාව අතරමන් කරනවා. කටින් මොන බොරු කිව්වත් ඇස්වලට බොරු කරන්න බෑ මැණික. ඔව් ඒ ඇස් හිතාගන්න බැරි විදියට දුකක් පෙන්නනවා. ඔයා දන්නවාද ඔයාගේ දුකින් පිරුණ ඇස් මාව නොමරා මරනවා. ඒ දුකට හේතුව මං කියලා මතක් වෙද්දී මං තව විදෝනවා. ඇයි අපිටම මෙහෙම වුණේ. අපි ඉක්මන් උනා වැඩි ද? මේ ප්‍රශ්ණ එක්ක හැමදාම මට ඉන්න වෙයි ද බබා.

"ඇයි උඹ ඔහොම ඉන්නේ. උඹ ඉස්සර ඔහොම නෑ බං. ප්‍රශ්නයක් නම් කියපන් අපි ඉන්නවා ඕනෙ දෙයකට."
මගේ ඉස්කොලේ යාලුවෝ මගේ වෙනසට හේතු හොයද්දී මං හිටියේ ඒ මොකුත් ඇහුන් නැති ගානට. කොහොම කියන්නද කාලෙකට කලින් ඒ ගල් හිත උණු කරලා දාපු ඒ කෙල්ල දැන් මගේ හිත ගිනි ගොඩක් කරලා කියලා. කවදාවත් ආදරේ කරන් නෑ කියපු මම ආදරේ අස්සේ දුක් විදින්නවා කියලා. බෑ මට බෑ ඒ මොකුත් කියන්න.

ඇයWhere stories live. Discover now