කොච්චර වෙලා ද දන්නෙ නෑ හැබැයි හොද නින්දකට පස්සෙ මන් නැගිට්ටා.. කාමරේ ලාවට වගේ අන්ද කාරයි  .

මගේ කාමරේ ඇවිල්ලා මහලොකු කාමරයක් නෙවෙයි . දොරෙන් ඇතුලට එද්දි ඇද තියනවා . ඇදට උඩින් මාමා කලින් ඉදන් එලලලා තිබ්බ සුකුරුත්තන් වගයක් තියෙනවා . බාතෲම් එකට යන්න දොරක් තියෙනවා .ඇදට ඉස්සරහින් කෙලින්ම තියෙන්නෙ බැල්කනි එකට යන දොර . ආ තව පැත්තක පොඩි ලියන මේසයක් තියෙනවා . ඔහොම තමයි . අහ් ඇයි අල්මාරිය . එච්චරයි .


මන් බෙල්ල හරවලා බැලුවේ මගේ අස්සෙ රිංගගෙන හොදට නිදාගෙන ඉන්න ජීවියා දිහා . මේකා කොයි වෙලේද ආවේ ..

මන් අහින්සක විදියට මගෙ අස්සෙ රිංගගෙන නිදාගෙන උන්න සුද්දගෙ ඔලුව අත ගෑවා . යකෝ අවුරුදු දාහතරක කොල්ලෙක් නේ ද මේ .

මාමයි බාප්පයි ගේ එතනින්ම අපේ පවුල් දෙකේ චැප්ටර් දෙකක් එහෙම් පිටිම්ම ක්ලෝස් උනා . බාප්පා ගේ මයි කියන්න බෑ ඉතින් .. ඒ උනාට මෑන් සමහර විට මාමාට කැමති වෙයි කියලා මට ලාවට වගේ හිතෙනවා . මොනා වෙයිද දන්නෙ නෑ . කොහොම හරි .

එතකොට මාත් දැන් කොල්ලෙක් ටනේ කරගහලා ඉන්නෙ .

එතොකට මේ ඇච්චා . කවදහා හරි කෙල්ලෙක් සෙට් කර ගනීද කොල්ලෙක් සෙට් කර ගනීද ..මුගෙ හැටියට කෙල්ලෙක් එක්ක වසන්න පුලුවන් වෙයිද . කව්ද දන්නෙ ඉතින් ලොකු වෙනකොට මොනා වෙයිද කියලා . බලමුකො . හැබැයි මූත් කොල්ලෙක් කර ගැහුවොත් තමා අගමැති ආච්චි අම්මට හාට්ඇටෑක් හැදෙන්නෙ .

ශේශාන් මොනා කරනවද දන්නෙ නෑ . මේ මනුස්සයට තිබුණනේ ආසාවකට මට කෝල් එකක් ගන්න . මාව මතක් වෙන්නෙ වත් නැතුවද .

"නැගිටපන් රෑ වෙලා " මගේ ඇග උඩට කකුලකුත් දාගෙන තව ට්ගවත් අස්සට රිංගන සුද්දට මන් කිව්ව් .

"ම්ම්ම් "

"ම්ම් නෙවේ නැගිටපන්" 

"පුදුම නරක මනුස්සයෙක් ඕයි තමුසේ නම් " කොල්ලා මට බැන බැනම නැගිටලා ඇදේ ඉදගෙන ඔලුව කසනවා .

"කොයි වෙලේද ආවේ "

"තුනට විතර . දැන් කීයද "

"පහයි හතලිහයි . මේ සුද්දෝ "

ඒක දිග කතාවක් Where stories live. Discover now