"ඔහොම පොඩ්ඩක් ඉන්නවා එහෙනම් මන් පට ගාලා ඇදුමක් දාන් එන්නම් " මාමා කිව්වම මන් පුදුම උනා .

"ඔයා මොකටද "

"කියන දේ අහල ඉදපන්කො "
මාමා ගිහින් ශෝටට වෙන ටී ශර්ට් එකක් දාගෙන ආවා ..

"යමන් " "කෝ උබේ අර බඩ කඩිත්තුව "

"මොක ?? "

"පෝන් එක "

"සාක්කුවෙ  "

"උඹ නම් අනේ මන් දා බන් .. ඕක අල්ලලා විසික් කරපන් "
ඇත්ත තමා ඉතින් මට පෝන් එකක් තිබ්බට වැඩක් නෑ . ඊයේ මාමා කෝල් විසි ගානක් අරගෙන ශේශාන් පනහක් විතර අරගෙන ඒ අස්සෙන් චේතත් අරගෙන මිස්ට දිසා මේ ඔක්කොමල්ලා අරගෙන මන් පෝන් එක හොයා ගත්තෙත් අද උදේ ශීට් එකක් යට තිබිලා .

.
.
.

මන් මීටින් රූම් එකට එනකොටත් විනාඩි කීපයක් පරක්කු වෙලා . මිසටර් දිසානායක මීටින් එක පටන් අරන් .

මන් ඇතුලට යනකොට මාව දැකපු දිසානායක නෑගිටලා මට ග්‍රීට් කරා .

හැමෝම මා දිහා බලාගෙන හිටියේ පුදුමෙන් වගේ . මෙච්චර වෙලාම එතන මුලසුන මෙහෙයවපු මනුස්සයා පොඩි කොල්ලෙක් එනකොට නැගිටලා ඉඩ දුන්නම කවුද පුදුම නොවෙන්නෙ .

"මේ ඉන්නෙ මිස්ට සේනානායක ගේ මුණුබුරා .මන් තාවකාලිකව මිස්ට ආර්‍යන් වෙනුවෙන් තමයි වැඩ කරන්නෙ . තව බොහොම ටික කාලෙකින් මේ හැම දේකම පාලනය මිස්ට ආර්‍යන් ට බාර වෙනවා .

එතකොට ඔයාලව තෝර ගත්තෙත් මිස්ට ආර්‍යන් තමයි . ඔයාලට ඉන්වෙස්ට් කරන අලුත් ප්‍රොජෙක්ට්  එකත් මිස්ට ආර්‍යන්ගේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලා අපිට සහයෝගය දක්වනවා වගේම අපේ අලුත් බොස්ටත් සහයෝගය දක්වයි කියලා .."

මාව අදුන්වලා දෙන මුලු වෙලාව පුරාම මම එක එක මූණෙන් මූණට ගිහින් නතර උනේ සුදු මැලි උන සුපුරුදු මුණක් ගාව ..එයත් මා දිහා බයවෙලා වගේ බලන් හිටියා වගේ මන් එයාව පිලි ගන්න කට කොනින් හිනාවක් දුන්නා..

.
.
.
.

"නයිස් ටු මීට් යූ මිසිස් අබේගුණවර්ධන "

මන් අතට අත දෙන ගමන් කිව්වා. එයා තාම සුදු මැලිවෙලා . හිනා නොවි බැරි කමට හිනා වෙලා එයත් අතට අත දුන්නා .

ඒක දිග කතාවක් Where stories live. Discover now