ඒ අස්සෙන් මාමා කෑ ගහගෙන කාමරේට කඩා පාත් උනා . මන් පෝන් එක ස්පීකර් දාලත් එක්ක තිබ්බෙ .

"කව්ද බන් ඒ "

"මාමා "

"ආ දීපන් දීපන් මට ඒ මනුස්සයා එක්ක කතා කරන්න ඕනේ "

මන් මාමට පෝන් එක  දික් කරා .
මාමා තොල් හොල්ලලා කව්ද කියලා ඇහුවා .

මන් බාප්පා කිව්වම මාමා කතා කරා .

"හලෝ "

"ආ හලෝ අන්කල් "

ආහ්!! fuck fuck double fuck

මාව පුපුරන්න ආවා .. යන්න ආපු හිනාව ගිල ගන්න බැරිකමට මන් මගේ අත කටේ ඔබා ගත්තා .

අනේ හත්වලාමේ මාමාගෙ මූණ ..බලන්න ලස්සනයි දෙයියනේ ..මාමාට වඩා අවුරුද්දක් හරි දෙකක් හරි බාල බාප්පා මාමාට අන්කල් කියනවා .

හරි ඉතින් මන් හිතන්නෙ උන් දෙන්නා දන්නෙ නෑ ඕක .

බාප්ප හිතන්න ඇති මාමා කිව්වම හැට පැනලා හොට බිම ඇනිලා වයස මාමෙක් කියලා .

අනික මාමාව නම් බාප්පට හම්බෙලාම නැතුව ඇති මාමා අවුරුදු ගානක් තිස්සෙ රට ඉදල මන් එහෙට ආවටත් පස්සෙ ලංකාවට ආවේ ..මන් හිතන්නෙ අවුරුදු දහයක් වගේ එයා රට හිටියේ .

"හරි මන් කොල්ලට කන්න දෙන්නම් කො බාප්පෙ " මාමා දත් මිටි කකා කියලා පෝන් එක තිබ්බා .

කරලා මට පොන් එක විසික් කරා .

"බලපන් ඉතින් කටේ කිරි සුවද වත් ගියෙ නැති මට අන්කල් ලු "

ඒක නම් පොඩ්ඩක් සැර වැඩි වගේ නේද ' කටේ කිරි සුවද !!'

"හරි හරි යමන් මන් කෑම හදලා කොයිවෙලේ දෝ ඉදන් උබට කතා කරන්නෙ "

"බෙදලා ගෙනත් දෙන්න බැයිත "

"හ්ම් හ්ම් ඉදපන් ඉදපන් "

මාමා හැරිලා ගියේ මගේ පෝන් එකට ආපු මැසේජ් එක මන් ඕපන් කරනකොට .

ඔය හොදටම කරලා තියෙන්නෙ . 

මැසේජ් එක බාප්පගෙන් . එයා කියලා තිබ්බෙ ඊයේ මට වැරදීමකින් ඩ්‍රග් දාපු ලිකර් එකක් පෙවිලලු . ඒ කියන්නෙ එයාලා ක්ලබ් එකේ සිසීටිවි චෙක් කරාමලු දැන ගත්තේ මන් එක සැරයක් මගෙ එහා පැත්තෙ එකාට දුන්න ග්ලාස් එක අරගෙන බීලලු . එතන බාමර්ගෙන් ප්‍රශ්න කරාම දැන ගෙන තියෙන්නෙ මට දීපු එකක් නෙවේ මට එහා පැත්තෙ එකෙක් ට දීපු එකක් ලු .

ඒක දිග කතාවක් Hikayelerin yaşadığı yer. Şimdi keşfedin