තව ඩබේට තෑග්ගක් ගන්න බුක්ස්ටෝර් එකට ගිය වෙලේ හිච්චි අයියන්ඩිටත් පොතක් ගත්තා ඒකත් පොත් කියවනවනෙ . අනික ඒ මනුස්සයා මටත් වඩා පොඩී වගේ හැසිරෙනකොට තෑග්ගක් නොගෙන බැරි උනා .
මොනා උනත් එයාගෙ සහකාරයට හෝ සහකාරියට බුදු සරණයි තමයි .

"අපරාදේ මල්ලි . උබලට තිබුනෙ ලොකූගෙ සයිස් එකෙන්ම ටීශර්ට් තුනක් ගේන්න . "

මන් කියලා අහන්න වගේ ලොකූ දිහා බැලුවා .

"ඕකෙන් බන් අදින්නෙ ලොකූගෙ එක විතරයි  . ආ සුදූගෙ එකත් ඔය එහෙම් මෙහෙන් අදිනවා   . ඒ ඇරෙන්න මේ පොඩි පගයට නම් ඇදුම් ගේන එකම අපරාදයක් . මූ අදින්නෙම මුන් දෙන්නගෙ ඇදුම් "

යසෛ හිච්චි අයියන්ඩි යසෛ.

මන් බලන් උන්නෙ මගෙ වන දෙබරා මන් එයාට ගෙනාව තෑග්ග පියවරෙන් පියවර ඕපන් කරන දිහා ඒ කිව්වෙ සෙලෝටේප් එකෙන් සෙලෝටෙප් එක ගලවලා හරි පරිස්සමට තමා එයාගෙ වැඩ .

එලිය ගත්ත පොතේ කවර් එක පුරා එයා ඇගිලි අරගෙන ගියේ හරි ආසාවෙන් . ඇත්තටම හරි ලස්සනයි ඒ කවර් එක   . අතට දැනෙනවා සමහර තැන් . එයා පිටුවෙන් පිටුව පෙරලලා බලන්න කලින් එක පාරක් පොත් නහය ලගට අරගෙන සුවද බැලුවා . ඊට පස්සෙ පොතේ පිටුවල ප්‍රින්ට් කරලා තියෙන පාට පාට පින්තූර දිහා බලලා ඔලුව උස්සලා මන් දිහා බැලුවේ හරි ආසාවෙන් හිනා වෙවී.

ඒකට හිච්චි අයියන්ඩි කතුරක් ගත්තා බස බස ගාලා කැපුවා පොත එලියට ගත්තා .

"වාව් !! අඩේ මන් මේ පොත ගන්නම හිතාගෙන හිටියේ .. තෑන්ක්ස් කොල්ලො "

,ඩබේ හිච්චි අයියන්ඩිගෙ සද්දෙට ඒ දිහා බැලුවා . ඒ ඇස් හිච්චි අයියන්ඩිගෙ අතේ තිබුන පොතට ගියා  . ඇහිබැම රැලි කර ගත්තා . ඊට පස්සෙ එයාගෙ අතේ තියන පොත දිහත් බලලා ආයෙම හිච්චි අයියන්ඩිගෙ පොතයි එයාගෙ එකයි දිහා මාරුවෙන් මාරුවට බලලා මූණ දික් කර ගත්තා .

ඊට පස්සෙ කටත් හදාගෙන මා දිහා බැලුවා .
යකෝ මාර ඊරිසියාවක් නේ මේක  .

මන් ඉතින් දෙන්නටම එකම පොතෙන් දෙකක් අරන් ආවා .

අර මොකද්ද තියෙන්නෙ අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම් කරු කියලා එකක් . දිවත් පැටලෙනවා නම කියා ගන්නත් බෑ මට .

ඒක දිග කතාවක් Where stories live. Discover now