ඒ මතක අස්සෙ අතරමන් වෙලා හිටපු මම එයාගෙ ග්ලාස් එකෙන්ම උගුරක් බොන්න අතට ගත්තා. ඒ දවස් වල එහෙමනේ කවදාවත් අපි දෙන්නා ග්ලාස් දෙකක බිව්වෙ නෑනේ එකම ග්ලාස් එක ශෙයා කර ගත්තා මිසක් . එකම සිගරට් එක දෙන්නම ශෙයා ක්‍ර ගත්තා මිසක් .

"ක්.හැම් ක්.හැම් .. චූටි සර් ඕක මිස්ට අබේගුණවර්ධන ගේ ග්ලාස් එක "  කොහෙද මේ මිස්ට දිසාට එක පාර කැස්සක් ඇල්ලුවනේ මන් එයාගෙ ග්ලාස් එක ගත්තයි කියලා .

මන් අතීත මතක වල ගිලිලා උන්නට , කොහෙද මෙයා දන්නෙ නෑ නේ ඒ යටගිය අතීත කතා .

දැන ගත්ත දාට මොනා වෙයිද , අඩුම උනොත් අර චේතට හැම නිතරම වෙනවා වගේ පිට උගුරේ යයි වැඩිම උනොත් හොස්පිට්ල් ඇඩ්මිඩ් කරන්න වෙයි .

මන් ඉතින් හිනා නොවි බැරි කමට හිනා වෙලා ග්ලාස් එක ආපහු තිබ්බෙ වන දෙබරා මහා කින්ඩි හිනාවක් මට දීගෙන ඉන්නකොට .

" ඉන්න මන් චූටි සර්ට ග්ලාස් එකක් අරගෙන  එන්නම් "

කියලා මිස්ට දිසා නැගිටලා ගියේ අපි දෙන්නව තනි කරලා .

" හා හා ඕක මගේ ග්ලාස් එක චූටි සර් " මන් ආයෙමත් ගලාස් එක අරගන්න යනකොට අර වන දෙබරා මගේ අතට ගහලා ඒක උදුර ගත්තා . මාත් රවලා අහක බලලා . ආයෙමත් එයා ඒක තොල් අතර තියා ගන්නවා බලන් හිටියා .  එයා ග්ලාස් එක පහලට කරනවත් එක්කම ඒ බීම ටික උගුරෙන් පහලට යවා ගන්න ඉඩ නොදීම එයාගෙ ටයි එකෙන් අල්ලලා ඇදා අරගෙන තොල් අල්ල ගත්තේ  මුලින් එයා පුදුම උනත් පස්සෙ ඒ බීම එයාම තොල් ඈත් කරලා හාදුව අස්සෙම  මගේ කටට දෙනකොට .

ඒක් තමයි මන් ස්වෙච්චාවෙන්ම එයාට දීපු පලවෙනි හාදුව . ස්වෙච්ඡා කියන වචන ය එතෙන්ට ගැලපෙනවද . ඕනේ එකක් . කෝම හරි මන් දුන්න පලවෙනි එක .

එක අතකින් ඒයාගෙ ශර්ට් එක මිරිකගෙන මන් තව තවත් ඒ තොල් ඇතුලේ කිමිදුනේ ඒ රස හොයාගෙන වෙනකොට එයත් මාව පෙරලා සිප ගත්තා. මේ විදිහට ඩ්‍රින්ක්ස් ගද්දි මෙච්චර රහයි කියලා දන්නවා නම් අපරාදේ ඒ දවස් වලත් මෙහෙම්ම ට්‍රයි කරන්න තිබ්බ . එයාගෙ අත් මගෙ කම්මුල් පුරා දග කරන ගමන් තව තවත් මාව හාදුවටම ඇදලා ගත්තා.

ඒක දිග කතාවක් Where stories live. Discover now