" මොකද !!"

"මට ආදරෙයිද "

"ම්ම් " කොල්ලා වෙන දිහාවක් බලා ගත්තා .

"ම්ම් කියන්නෙ " මන් හඩ බාල කරලා ඇහුවා .

"ඔව් "

"ඔව් කියන්නෙ " ඔන්න දැන්නම් කොල්ලට තරහා ගියා . නලල රැලි කරගෙන රවාගෙන. බලන්න ලස්සනයි ඉතින් .

" ආදරෙයි මනුස්සයො මන් ආදරෙයි . මෝඩහ්..ම්හ්ම්.."  රටක් රාජ්ජයක් ලැබුනටත් වඩා මගේ හදවත ඒ වචන ටිකට පිස්සු කෙලිනකොට මගේ තොල් වලින් ආයෙමත් වතාවක් ඒ තොල් මන් සීල් කරා  . මගේ කොණ්ඩෙ අහුරක් අල්ලගෙනම එයත් හාදුවට එකතු වෙද්දි තවත් දිගම දිග හාදුවකට අපි දෙන්නා මුල පිරුවා .

කොල්ලා තව තවත් මාව ඒ තොල් දිහාවට තද කර ගනිද්දි කොල්ලව මන් ඉණට වඩා ගත්තා වගේම මගෙ ඉණ වටේ ඒ කකුල් පැටලුනා .

අන්තිමට අපි දෙන්නම නැවතුනේ ඇද උඩ වෙනකොට ශර්ට් දෙකට නම් වෙච්ච කෙරිච්ච දෙයක් නැති උනා .

"මන් උබට හරි ආදරෙයි යශෝදර මන් උබට මහ ගොඩක් ආදරෙයි "  හාදුවෙන් මිදුන ඊලග තප්පරේම මගෙ යටින් හිටපු මගේකගෙ මූණ පුරා සමනල් හාදු තියන ගමන් මන් මිමුණුවෙ ඌ හිනා වෙවී මා දිහා බලන් ඉද්දි .

"ඇති ඇති අනේ ඉඹලාම මරන්න ද හදන්නෙ " මගෙ බෙල්ල වටේ දාන් උන්න අත්වලින් මාව ඒ පපුව උඩට ඇද ගන්න ගමන් කොල්ලා නොහොක්කාඩු කිව්වා .

මන් පුරුදු විදිහටම ඒ පපුව උඩ වැතිරිලා හදවත ගැහෙන විදිහ අහගෙන උන්නා   . කොල්ල අත් දෙකෙන්ම මගෙ ඔලුව බදාගෙන කොන්ඩෙ කූරු ගානවා .

එක පාර ඇති උන ක්ෂනික සිතුවිල්ලකට මන් මගේ අත කොනිත්තගෙන බැලුවා .

චටස්!!

"මොකද ඔය " මගෙ අතට කිස්කන පාරක් දෙන ගමන් ඇහුවා . අම්මො රිදුනා රිදුනා ඒ කියන්නෙ එයා ඇත්තටම ඉන්නවා .

"හීනයක්ද බැලුවේ වෙනදා වගේම "

කොල්ලා මාව පපුවෙන් ගලවලා ඉදගන්නකොට මාත් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වුණා .

"ඔයා හොදින් ද අයියේ " මගෙ පැත්ත හැරිලා සිනිදුවට මගෙ කම්මුලක් අතගාන ගමන් දුක හිතිලා වගේ  ඇහුවා .

ඒක දිග කතාවක් Where stories live. Discover now