කොහොම හරි අන්තිමට කන්ට්‍රැක් සයින් කරන්න දවසකුත් දාගෙන ඒ දෙන්නම යන්න නැගිට්ටා .

"සී යු සූන් මිස්ටර් අබේගුණවර්ධන " ආයෙත් වතාවක් අතට අත දීලා යන්න ගියපු යශෝදර දොරෙන් නොපෙනී යනවත් එක්කම මන් මගේ සීට් එකට කඩන් වැටුනා .

වතුර වීදුරුව එක හුස්මට ඉවර කරපු මම විනාඩි ගානක් මේසෙට ඔලුව ගහන් ඉදලා වාහනෙත් අරගෙන එන්න ආවේ යන්නෙ කොහෙද කියලා හරි හමන් අරමුනක් නැතුව    .  මගේ පපුව තාම එකසිය ගානට ගැහෙනවා.

"කොහෙද යකෝ පෝන් එකත් ඕෆ් කරගෙන මක බෑවුනේ "
ගෙට ගොඩ උන ගමන් ශේනු මගේ ඇගට ගොඩ උනා . රෑ දොලහත් පහුවෙලා මන් ගෙදර එනකොට . ඇත්තටම මන් ගියපු දිහාවක් නෑ වාහනේ අරන් පාරේ ඔහේ ගියා ඇති කියලා හිතෙනකන් ඊට පස්ස්සෙ ආයෙ හරවගෙන ගෙදර ආවා .

චේතනත් බය වෙලා වගේ අපේ එකාගෙ සද්දෙට .

"කෝ සුද්දා " මන් ඇහුවා .

"ඌ නිදි "

"හ්ම්ම් "

"අද clouds  එකෙන් ආවා "

"ම්ම් ඉතින් " ශේනු කෑම මේසෙ ඉදගෙන හූ මිටි තියන කොට චේතන කෑම බෙදනවා . උන් දෙන්නා කාලත් නෑ මන් එනකන්ම .

"යශෝදර " clouds  ගැන කියව කියව ඉදලා එකපාර මන් යශෝදර ගෑවේ මොකද කියලා බලන්න වගේ ශේනු නළල රැලි කරගෙන මගෙ දිහා බැලුවා වගෙම චේතනත් බත් බෙදිල්ල නවත්තලා මා දිහා බැලුවා   .

"ආවේ තාව කාලික Ceo යි වෙන්න ඉන්න ceo  යි "

"ඉතින් "

"ඒ යශෝදර වෙන්න ඉන්න ceo යශෝදර " චේතනගෙ අතේ තිබුන හැන්ද මහා සද්දෙන් ආයෙමත් බෝල් එකටම වැටුනා ..

"අ..අයියේ.."

"අද එයා ආවා .  අපෙ කොල්ලා ආවා බන්" මගෙ කටහඩ බිදිලා යනකොට මන් තද කරලා තොල් හපා ගත්තා .

"ඌ හොදින්ද . කොහෙලුද ඉන්නෙ . ගෙදර එනවා කිව්වද . උබ නම්බරේ වත් ඉල්ල ගත්තද " ශේනු වැලටම ප්‍රශ්න අහගෙන අහගෙන යනකොට මන් ආයෙම ඔලුව ඉස්සුවා .

" ඌකතාකරේ නෑ බන් අනිත් මනුස්සයාවිතරයි කතා කරේ . "

"ඉතින් උබ කතා කරෙත් නැද්ද . "

ඒක දිග කතාවක් Opowieści tętniące życiem. Odkryj je teraz