සරූ මාව බලන්න එන්නෙ මට ජීවිතෙත් අරගෙන.
ඉතින් ඒ ගේන ජීවිතෙන් තමයි ඌ ගියාට පස්සෙත් මං ජීවත් වෙන්නෙ.
එහෙම එකේ ඌ මාව මෙහෙම මගාරින එක මට දරාගන්න බෑ.ඌට එක්කො මගේ මේ හැසිරීම වදයක් වෙන්න ඇති. ඌ මත්තෙම මං නැහි නැහී ඉන්න එක හිසරදයක් වගේ ඇති.
මොකද මං කොච්චර කෑගැහුවත් උගේ කටේ තිබ්බෙම"තව ටිකක් ඉවසන්න තනූ!
මං ඔයා ලඟ නවතින්නම එන්නම්!"කියන එක විතරයි.
ඌ එන්න හිතාගෙන ඉන්නෙ මං මැරුනම මාව පුච්චලා දාලා යන්න වෙන්න ඇති සමහරවිට.ඒත් මං බැන බැන හිටියට ඌට මොකක් හරි ප්‍රශ්නයක් දන්නෙත් නෑ. මොකද ඒකා ඉස්සර ඉඳන්ම මහා පණ්ඩිතයිනෙ.
සේරම තනියම බදාගෙන විසඳගන්න හදන්නෙ.
මොකක් හරි මගුලකට හිර වෙලා කරගන්න දෙයක් නැති වෙලා වෙන්නත් පුළුවන්.
මට ඔච්චරම වවුනියාවෙ එන්න එපා කියන එකත් සැකයි ඌ.ඉතින් සරූට නොකියම මං වවුනියාවෙ යන්න ලෑස්ති වුනා. ඇත්තටම මට මීට කලින් ඉඳන්ම යන්න ඕනෙකම තිබුනත් කෝස් එකේ වැඩත් එක්ක ඒක හුඟක් අමාරු වුනා. එහෙන් එක්සෑම් තිබුනා. ගෲප් ප්‍රසෙන්ටේශන්ස් තිබුනා.
අලුත් ඉංග්‍රීසි ක්ලාස් එකේ පිහිට නොවෙන්න මං මහා පරිමාණෙන්ම ඇනගන්න ඉඩ තිබුනා.
ඒත් වෙලාවට ලොකු අවුලක් නොවී මං හුඟක් ඒවා ගොඩ දාගත්තා කියලා හිතෙනවා.පහුවදා පාන්දරම ඇහැරිලා හීන කෝටියක් ඉහේ දරාගෙන මං බස් එකට නැග්ගෙ.
මාව දැක්කම සරූ පුදුම වෙයි.
ඒ ඇස් තරු කැට වගේ දිලිසෙයි.
"මගෙ කොටියෝ" කියාගෙන දුවගෙන ඇවිත් මගේ ඇඟට පනියි.
පිස්සෙක් වගේ මාව බදාගෙන උගේ හොල්මන් දඟර ඩාන්ස් එක දායි.
ඒ සුවඳ මටම විඳගන්න දෙන ගමන් දිව්‍ය ලෝක පුරා රවුං ගහන්න එක්කගෙන යයි.
ඔක්කොම නොහොඳ නෝක්කාඩු ඉවර වෙලා මගේ පුංචි හා පැටියා මගේ පපුව අස්සටම ගුලි වෙයි.
ජීවිතේම ලෝබ නැතුව දේදුනු පාට වලින් පාට කරයි.ඉතින් සරූ!
මගෙ සුවඳ මල,
ඔයා පුදුම වෙන්නයි යන්නෙ ඔන්න.
ඔයාගෙ කොටියා ඔයාව හොයාගෙනම එනවා.....මං වවුනියාවෙන් බහිද්දි හොඳටම දවල් වෙලා. උදේට කන්නෙත් නැතුව ආපු නිසා බඩගිනියි ඉවසගන්න බෑ. ඒත් කන්න දෙයක් ගන්නකල්වත් පරක්කු වෙන්න හිතුනෙ නෑ මට.
සරූ එක්කම කන්න පුළුවන්නෙ මොනවාහරි. දැන් තත්පරයක්වත් පරක්කු කරන්න නරකයි මගෙ කොල්ලගෙ ලඟ ඉන්න තියෙන වෙලාව. මං ත්‍රී වීලරේකුත් කතා කරගෙන හොස්පිට්ල් එකටම ගියේ සරූ දැන් ගෙදර යන්නෙ නෑ කිව්ව නිසා.