මගේ මුළු ජිවිතේම මං ගෙව්වෙ මොකද්දෝ මීදුමක් ඇතුලෙ. එලියක් හොය හොයා මංමුලා වෙලා ඇවිද්ද එකමයි කලේ.
මුලින්ම අපේම රටක් හදන්න කියලා ජිවිතේම ඒ වෙනුවෙන් උකස් කලා.
ඊලඟට ඒ උකසට පොළිය විදියට දරන්න බැරි වේදනාවක් විඳගෙන අම්මලව, ප්‍රභූව හැමෝම නැති කරගත්‍තා. එතනින් එහාට මටත් එයාලව හොයාගෙන මටත් යන්න ඕනෙ කියලා හිතාගෙන පිස්සු නැටුවා.
එහෙම අතරමං වෙලා ඇවිදලා ඇවිදලා හෙම්බත් වේගෙන එද්දි තමයි කොහෙන්දෝ ඉඳන් සුවඳම සුවඳ මලක් හුලඟට පා වෙලා මගෙ ලඟට ආවෙ.ඉතින් අවුරුදු ගානකට පස්සෙ මං ජීවත් වෙනවා කියලා මට දැනෙනවා.
මගේ පුංචි දේවදූතයා!
මගේ රත්තරං ඉර කුමාරයා!
මගෙ හුරතල් පූස් පැටියා!
ඔයාව කවමදාකවත් මොනම හේතුවකටවත් නැති කරගන්නෙ නෑ මම මගේ සරූ!
මාව දාලා කවදාවත්ම යන්න එපා!
මං දැන් ඔයාගෙම ඔයාගෙම විතරයි!!!ඉතින් මං හිතුවා මගේ ගැන හැමදෙයක්ම සරූට කියන්න. මං සම්පූර්ණයෙන්ම එයාට විවෘත වෙන්න ඕනෙ. නැත්තම් අන්තිමේදි දෙන්නට දෙන්නා තේරුම් ගන්න අමාරු වෙනවා. ඊලඟට කිසිම තේරුමක් නැති ප්‍රශ්න අපේ අතරමැද්දට ඇවිත් අපි දෙන්නම නිකරුනේ විඳවනවා.
ජීවිතේ ඕනවටත් වඩා දුක් විඳලා තියෙන අපි ආයෙත් දුක් විඳින්න හේතු හදාගන්න ඕනෙ නෑ.ඉතින් එහෙනම් මං ඔයාගෙම තනූ වෙන්න ලෑස්තියි සරූ!
මාව පිලිගන්නවා නේද?එදා රෑ මං මගේ මුළු ජීවිත කතාවම සරූ එක්ක කිව්වා. මෙච්චර කල් ඒ ගැන කතා කරන්න තියා හිතන්නවත් හිත හදාගන්න මට බැරි වුනත්,
අන්තිමේදි මං කතා කරන්න පටන් ගත්තට පස්සෙ ඒක ඒ තරම් අමාරු වුනේ නෑ.
සරූ මගේ ලඟ ඉන්නවා නම් මුළු ලෝකෙම වුනත් මට හොල්ලන්න පුළුවන් කියන්නෙ කතාවට විතරක් නෙමෙයි මම. ඇත්තටමයි.
ජීවිත කාලයක් තිස්සෙ ඉබාගතෙ ඇවිද ඇවිද හොයපු මගෙ හයිය තමයි එයා.
සුවඳ, පාට, හැඩ ඔක්කොම පුරෝගෙන මගේ පපුව උඩ පිපුනු මගේම මල!"................... ඉතින් පෑසර,
ප්‍රභූ යන්න ගියා. එයාට යන්න සිද්ද වුනා. ඒ එක්කම මටම කියලා මේ ලෝකෙ හිටපු එකම එක මනුස්සයත් මට නැති වුනා.
ඒක මට දරාගන්නම බැරි වුනා රත්තරං.
මටත් ඕනෙ වුනේ මැරෙන්න. මැරිලා එයාලා ඉන්න තැනකටම යන්න. තමන්ට කියලා කිසිම කෙනෙක් නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ මිනිහෙකුට.