28

581 127 95
                                    

"පෑසර!!!"

තනූ කෑගහද්දි මං ගැස්සුනා.

"සොරි සර්.
මං මෙයාව එලියට එක්කගෙන යන්නම්"

එහෙම කියාගෙන මේ කොටි හපුවා මාව බලෙන්ම ඇදගෙන එලියට ගියා. අර මනුස්සයට යන්නම් කියන්නවත් දුන්නෙ නෑ මට. පුදුම මිනිහෙක් තමයි.

"අතාරිනවකො මිනිහෝ!
රිදෙනවා මට!!"

මං කෑහැහුවෙ, වලගම්බා රජ්ජුරුවෝ වැලි මිරිකලා වතුර ගත්තා වගේ, මේ මිනිහා මගේ අත මිරිකලා අමෘතයවත් ගන්න යනවද කියලා සාධාරණ සැකයක් ඇති වුන නිසා.

"පෑසර, දැන් ගෙදර යනවා.
පරිස්සමෙන් යනවා හරිද හැබැයි. මට එන්න විදියක් නෑනෙ."

කොටි හපුවා මාව දොරෙනුත් එලියටම තල්ලු කරලා දැම්මා.

"තනූශ්, ඔයාට ප්‍රශ්නයක් වෙයි.
ප්ලීස් මට මේක විසඳලා යන්න දෙන්න. ඔක්කොම වුනේ මං නිසා."

"පෑසර ගෙදර යනවා මනුස්සයො.
උඹට පිස්සු. මෙතන කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් ආවොත් ඒක විසඳගන්න මට පුළුවන්.
උඹ බය වෙන්නෙපා."

තනූශන් කිව්වට එහෙම බෑනෙ. මැනේජරයගෙ කතාවෙ හැටියට තනූට මේ වෙච්ච දේ ලොකුවට බලපානවා. ඉතින් මේ ප්‍රශ්නෙ ඇති වුනේ මම නිසා නම් මමමයි ඒක විසඳන්න ඕනෙ.

"ඒත්......"

"පෑසර,
මට කතා කර කර ඉන්න වෙලාවක් නෑ. මැනේජරයට හොඳටම තරහා ගිහින් ඉන්නෙ. දැන් ආයෙම කෑගහයි.
වඳින්නම් උඹ ගෙදර පලයං බං.
පස්සෙ උඹේ ප්‍රශ්න පත්තරේට වාඩි වෙලා ටයිම් කරලම උත්තර ලියන්නං මං"

තනූ කියද්දි මං ආයෙම වාද කරන්න ගියේ නෑ.

"පරිස්සමින් තනූශ්!
අනේ! ප්ලීස් ඔයාට ප්‍රශ්නයක් වෙන දේවල් නම් කරන්න යන්න එපා.
මං යන්නම්."

මං හෙමින් හෙමින් බස් හෝල්ට් එක ලඟට ඇවිදගෙන ගියා. මට බයයි. ටිකක් නෙමෙයි හොඳටෝම බයයි.
මොකද තනූට රස්සාවක් හොයා ගන්න ලේසි වුනේ නෑ.
ලොකු සර් කී දෙනෙක් එක්ක කතා කරලා තිබුනද? ඒ හැමෝම කියලා තිබුනෙ පිස්සෙක්ව වැඩට ගන්න බයයි කියලා.

මිනිස්සු එහෙමයි. වෙන මනුස්සයෙකුට උණක්, හෙම්බිරිස්සාවක්, බඩේ අමාරුවක් හැදුනත් එයාලට අනුකම්පා කරලා උදව් කරනවා. ඒත් ජීවිතේ එන නිමක් නැති ප්‍රශ්න කන්දකට යට වෙලා දරා ගන්නම බැරුව මානසිකව ලෙඩ වෙන මිනිස්සුන්ව පිලිකුල් කරනවා. මූණට පණ දෙන්න වගේ කතා කරලා ඒ මනුස්සයට ලැබෙන්න ඕනෙ හැම අවස්ථාවක්ම නැති කරලා දානවා. රස්සාවකට ඕනෙ කරන හැම සුදුසුකමක්ම හොඳටම සම්පූර්ණ කරලා තිබුනත් මානසික ලෙඩක් තිබුනා කියලා දැන ගත්තොත් ඒ තැන ඊට අඩු සුදුසුකම් තියෙන වෙන මිනිහෙකුට දෙනවා.
ඉතින් මානසිකව කඩා වැටුන මිනිහෙකුට ජීවිතෙන් ගොඩ එන්න ලේසි නෑ. උදව් කරන්න ඕනෙ මිනිස්සුම ඒක තව තවත් අමාරු කරලා දානවා.

හිරිපොද (Completed)Where stories live. Discover now