7

576 117 37
                                    

එදා පාහරයා කොහොම හරි මගෙන් බේරුනා. මීසීලා, ඇටෙන්ඩන්ලා හෙන සෙට් එකක් කඩාගෙන ඇතුලට ඇවිත් මගේ අත් දෙක ගැලෙව්වා. උන්ට පිස්සු.
අරූ සිංහල එකෙක්.
ඌව මරන එකයි අපි කාටත් හොඳ. උන් එකා එකා ගානෙ අඩු වුනාම මේක අපේම රටක්.
මොකාටවත් යටත් වෙලා කොන්ද නවාගෙන ඉන්න ඕනෙ නැති අපේම රටක්.
ඒත් මේ මූසලයොන්ට ඒක තේරෙන්නෑ.
අපේම ජාතිය පාවා දෙන මේ වගේ කැ# බල්ලොයි බැල්ලියොයි තමයි සේරටම කලින් මරලා දාන්න ඕනෙ!

පාහරයව මගෙන් ඇදලා අරගද්දි ඌට සිහිය නෑ. අපරාදෙ තව විනාඩියක් ගියා නම් ඌ මේ ලෝකෙත් නෑ.
ඒත් අර කැ# පො#නයො ටික එහෙම්ම ඒ හුත්#ව ට්‍රොලියක දාගෙන පිඹගෙන ගියේ.
මෝඩ රැල!
ඕකුන්ගෙ එවුන් තමයි යකුනේ හිතක් පපුවක් නැතුව අපේ එකා එකා ගානෙ මරලා දැම්මෙ! ඌව බදාගෙන නහින්නෙ තොපි ඔක්කෝන්ටම පිස්සු.
ඔව් මං නෙමෙයි උඹලා බෙහෙත් ගිලලා කරන්ට් අල්ලගනිල්ලා.

මං හැදුවෙ ඒත් එක්කම ඔක්කෝන්ටම ගහලා පැනගන්න. කෑගහලා කෑගහලම බිත්ති දෙදරවලා කඩා වට්ටන්න.
ඇත්තටම මට ඒ තරම් හයියක් ශක්තියක් දැනුන වෙලාවක් ඒක.
ඒත් එවෙලෙම අර වේ# මිසී මට ගැහුවා ඉන්ජෙක්ශන් එකක්. ඉතින් එච්චරයි.

ආයෙම ඇහැරුනේ උදේ.
එතනින් එහාට බෙහෙත් ලැබුනෙ අහුරු පිටින්. බිව්වෙ නැත්තම් නහයෙන් බටයක් දානවලු බඩට. ඒක දිගේ යවනවලු බේත් තලියම.
උන්ට හු#ගන්න කියන්න තමයි මට ඉතුරු.

ඉතින් මං බේත් බිව්වා. බට දානවට බයේ නෙමෙයි. ඇඟේ කෙස් ගහක් කෙස් ගහක් ගානට තුවාල කරගෙනත් ඉවසගෙන හිටපු මට, ජීවිතේ වටිනවා කියලා තිබුන හැමදේමත් අහිමි වෙලා ගිය මට ඔය බටයක් මොනවා කරන්නද?

මං බේත් බිව්වෙ මේ කරුමෙන් ගැලවෙන්න ඕනෙ නිසා. මේ මූසල ඉස්පිරිතාලෙන් පිටවෙලා යන්න ඕනෙ නිසා. පොඩ්ඩක් හරි හොඳයි කියලා පෙන්නුවොත් මට පුළුවන් වෙයි මෙහෙන් ගිහින් ඉතුරු වෙලා ඉන්න අපේ එවුන්ව හොයලා බලන්න. ප්‍රභූ, අම්මා,අප්පා, ද්වාරකා වෙනුවෙන් අපේම රටක හීනෙට පණ ගස්සන්න පුළුවන් වෙයිද බලන්න.

ඒත් බෙහෙත් බිව්වට පස්සෙ මට ඇස් ඇරගන්නවත්, කතා කරගන්නවත් පණක් තිබුනෙ නෑ. ටොයිලට් එකට යන්නවත් ඇඟට ශක්තියක් ඉතුරු වුනෙත් නෑ. හැමදාම වගේ සෙල්වා තමයි ලඟ හිටියෙ. හැබැයි මට උගෙන් වැඩකුත් නෑ. මොකද ඌත් අර පාහර සිංහලයගෙ පැත්තෙ.

හිරිපොද (Completed)Kde žijí příběhy. Začni objevovat