42

673 111 139
                                    

"මාත් ආදරෙයි තනූ!
පණටත් වඩා ආදරෙයි!!"

මගේ ඇස් දෙක දිහාම බලාගෙන කිව්ව සරූ ආයෙම විදුලි වේගෙන් අපේ තොල් පටලව ගත්තෙ මගෙන් ඈත් වෙලා එකම එක පුංචිම පුංචි මොහොතක් ගෙවන එකත් දරාගන්න අමාරුයි වගේ.
අපි එක්කෙනෙකුටවත් පරදින්න අදහසක් තිබුනෙ නෑ.
දෙන්නටම ඕනෙ කලේ අනිකව ඉවරයක් නැතුවම රස බලන්න. ඉතින් මැවුන හාදුව ගැඹුරුයි! ආවේගශීලීයි!

තොල්වල තෙත මූණු පුරාම පැතිරුනා. එකටම වෙලුනු දිවවල් ජීවිතේ ලොකුම සතුට විඳින්න පටන් අරන් තිබුනා. ආදරේ රස දෝරෙ ගලාගෙන යන ගමන් අපිව පාට පාට හීන ලෝකෙක අතරමං කරන්න පටන් අරගත්තා. නෑ අතරමං කරන්න නෙමෙයි..
ආදරේ පාරාදීසියට පාර කියන්න පටන්ගත්තා.

මට ඕනෙ කලා ඒ සුවඳ මල මගේම කරගන්න. සරූගෙ හැම අංශුමාත්‍රයක්ම මටම අයිති කරගන්න. අපේ තොල් පිස්සු හැදෙන ශෘගාරාත්මක නැටුමක් නටද්දි මගේ අත් සරූගෙ ටී ශර්ට් එක ඇතුලට යන්න පාර හොයාගත්තා.

"ම්...හ්..."

"ත... තනූ..හ්!"

ඒ කෙඳිරිලි මාව පිස්සු වට්ටනවා.
එක මොහොතකට හුරතල් පූස් පැටියෙක් වගේ කෝලම් කරන මේ කොල්ලා තව මොහොතක සරාගී දේව ආත්මයක් වගේ වෙනස් වෙන්නෙ කොහොමද මන්දා.

මේක ඇත්තක්මයි නේද දෙවියනේ?
හදිසියේම ඉපිරිතාලෙ වාට්ටුවේ නිදාගෙන ඉන්න ගමන් දකින හීනයක් වෙන්න බැරිද මේක? හිතේ මැවුන මායාවක්?
නැත්තම් කොහොමද මගේ කාලකණ්ණි ජීවිතේට මේ තරම් එලියක් ගලාගෙන එන්නෙ?

මගේ හිතට එකපාරටම දැනුනෙ ලොකුම ලොකු නොසන්සුන්කමක්. මගේ සරූ හීනයක් වෙන්න බෑ නේද?
එයා මගේ ජීවිතේ ඇත්තටම පාට කරනවා නේද?

"ස... සරූ..."

මං මිම්ණුවා.

"මේ හීනයක් නෙමෙයි නේද සරූ?
මේ ඇත්තක් නේද?
ඔයා මගේම වෙලා මං ලඟ ඉන්නවා නේද?
ඉපදෙන ඉපදෙන හැම ආත්මෙකම මාවම හොයාගෙන එනවා නේද?"

හිතේ කැකෑරෙන බය මං එලියට ඇදලා ගත්තෙ මගේ මැජික්කාරයා මං වෙනුවෙන් ලෝකෙම වුනත් පෙරලයි කියලා තිබ්බ විශ්වාසෙටමයි.

ඒ ඇස් යාන්තමට ඇරිලා අටවක පෝය හඳවල් වගේ දිස්නෙ ගැහුවා. හැබැයි මූණ නම් ඇඹුල් වෙලා ගියා.
මගේ බෙල්ල පිටිපස්සට අත දාලා මාව ආයෙමත් එයාටම ඇදගත්‍ත සරූ කලින්ටත් වඩා ගැඹුරට මගේ ආත්මෙම රස බලන්න ගත්තා.

හිරිපොද (Completed)Where stories live. Discover now