මං නව කතාවල ඉන්න බොළඳම බොළඳ කෙල්ලෙක් වගේ හොටු පෙරාගෙන ඇඬුවා. ඉකි ගහ ගහ ඇඬුවා.
ඒත් ඒ එක්කමයි ෆෝන් එක වයිබ්බ්‍රේට් වෙන්න ගත්තෙ.

'තනූ ❤'

අනේ පව්!
මගේ කොල්ලා බලාගෙන ඉන්න ඇති මං කතා කරනකල්. ඒත් මං මෝඩයෙක් වගේ පාර පුරා දුව දුව විකාරයක් කලානෙ.
දැන් කතා කලොත් මං අඬලා කියලා තේරෙයි. ඊලඟට එයාටත් දුක හිතෙයි.

"මං බස් එකෙන් බැහැලා කෝල් එකක් ගන්නම්."

මැසේජ් එකක් ටයිප් කරලා යවපු මං කඳුළු පිහිදාගෙන මගේම මෝඩ මොලේ එක්ක වාද කරන්න පටන් ගත්තා.

තනූව අද යැව්වෙ නැත්තම් අහිලන් අනිවාර්යයෙන්ම ඒකාගෙ පස්සෙන්  එනවා . කලින් පාරත් පිහියෙන් ඇන්නා. එවෙලෙ වෝඩ් එකේ හිටපු නිසා බේරුනා. ඒත් පාරකදි යන එන ගමන්වත් අල්ල ගත්තොත් මොකද කරන්නෙ?

අහිලන්ගෙ තාත්තා ඌව ඉන්දියාවෙයි, රට වටේ හැමතැනමයිත් එක්කගෙන යන්නෙ ඔය මැරයො එක්ක තියෙන ආශ්‍රය නවත්තන්න. ඒත් සිද්ද වෙන්නෙ ඌ ඒ හැම පැත්තෙම ඉන්න මැරයො එක්ක සෙට් වෙන එක.
ඉතින් උගේ ඇස් මානෙන් තනූව ඈත් කරලා තියන්නම ඕනෙ.

අනික් දේ තමයි තනූ ඉන්නෙ හිතේ වේදනාවෙන්. එයාට රස්සාවක් නෑ. එයා මගෙන් කකා බිබී ඉන්නවා කියන එක එයාගෙ හිතට වද දෙනවා. කොච්චර ආදරේ වුනත් අපි කවුරුත්ම ආස නෑනෙ වෙන කෙනෙකුට සම්පූර්ණයෙන්ම බරක් වෙන්න.
තනූට මගේ අත් දෙකෙන්ම හැමදේම කරලා දීලා එයාව රජෙක් වගේ බලාගන්න මං ආසයි තමයි.
ඒත් එහෙම කියලා එයාගෙ ආත්මාභිමානය කඩා වැටෙන්න දෙන්න හොඳ නෑ.
එයාටත් දැනෙන්න ඕනෙ එයාගෙ දක්ශකම ගැන, එයාගෙ හැකියාව ගැන. ඉතින් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණේනෙ මං මේ ගත්තෙ.

බොරුවට මගේ හිතේ තියෙන මනස්ගාත නිසා මගේ කොල්ලගෙ ජීවිතේ විනාස වෙන්න දෙන්න බෑ. දැන් මං අඬා වැටුනොත් එයා සේරම දමලා ගහලා දුවගෙන එයි. එහෙම වුනොත් මේ ඔක්කොම මහන්සිය වතුරෙ යනවා.
නෑ! නෑ! පැහැසර!
එහෙම වෙන්න දෙන්න බෑ!
කොහොම හරි හිත හයිය කරගන්න ඕනෙ.
අඩුම ගානෙ තනූට පේන්නවත් හයියට ඉන්න ඕනෙ.

ඔව්!
තනූ එක්ක හැම මොහොතක්ම සතුටින් ඉන්න එකයි වැදගත්. එයාව පුළුවන් තරම් සතුටින් තියලා එයාට හයියක් වෙන එකයි වැදගත්.

හිරිපොද (Completed)Where stories live. Discover now